මෛත්‍රීට අගමැතිකම නොදුන් මහින්ද අද ඔහුගෙන් අගමැතිකම ඉල්ලනවා - දුනේෂ් ගන්කන්ද

Published in පුවත්
Wednesday, 06 May 2015 06:51

එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව තිබූ අගමැති ධුරය ඔහුට නොදුන් මහින්ද රාජපක්ෂ මහතා අද අගමැති අපේෂක ධුරය අයදිමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුපස යාම දෛවයේ සරදමකැයි නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි.

වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ (05) මේ කරුණු හෙළි කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුළු ජීවිතයම කැප කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි අගමැති පදවිය එදා මහින්ද රාජපක්ෂ මහතා සිරිසේන මහතාට නොදුන්නා පමණක් නොව ඔහුට ඉහළින් බැසිල් රාජපක්ෂ මහතා ඔසවා තබමින් ජාතික සංවිධායක ධුරයට ඔහු පත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නික්ම ජනාධිපති ධුරය සඳහා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් එදා මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් හැදූ වැඩූ ජීවිතය කැප කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම රාජපක්ෂ පවුලේ බලපෑම නිසා අත්විඳි ඛේදනීය තත්ත්වය ඉතා සංවේදීව විස්තර කළ අයුරු අමතක නොවන බවද කීවේය.

dinamina

Last modified on Wednesday, 06 May 2015 07:36

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us