මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පිට කුමාර වෙල්ගම හා ටී බී එකනායක මහත්වරුන් විසින් මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා යම් යම් පුද්ගලයන් විසින් කරනු ලබන ඉල්ලීමක් සලකා බැලීමක් ලෙස මෙම සාකච්ඡාවටද ජනාධිපතිවරයා කැමැති වී ඇති අතර රාජපක්ෂ මහතා සමඟ කිසිදු රහස් සාකච්ඡාවක් නොපැවැත්වෙන බවත් තමන්ට ඡන්ද දුන් 62 ලක්ෂයක ඡන්ද දායකයන්ගේ ගෞරවයට හානි වන සිදු කරුණක් සිදු වීමට ඉඩ නොතබන බවත් මේ සකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.