ලංකාව මාතෘත්වයට සුදුසු රටවල් අතරින් ඉදිරියට

Published in පුවත්
Wednesday, 06 May 2015 11:47
දකුණු ආසියා‍ව තුල  මාතෘත්වයට සුදුසු විශිෂ්ටතම රටවල් අතරින් ශ්‍රී ලංකාව ‍ඉදිරියට පැමිණ ති‍බේ.
 
save the Children සංවිධාන‍යේ 2015 සඳහා වන ‍ලෝක මවුවරුන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් දැක්වෙන වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබේ.  මෙම වාර්තාවන්ට  අනුව ශ්‍රී  ලංකාවේ මාතෘ  මරණ වාර්තා වෙන  අනුපාතය  ලෙස සඳහන්  වන්නේ  උපත් 1400  ට  1කි. 
 
එම වාර්තාවේ සඳහන් පරිදි අන්තර් ජාතික තත්ත්වයට අනුව රටවල් 179ක් අතරින් ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ජැමෙයිකාව යන රටවලට හිමිව ඇත්තේ දර්ශකයේ 92වැනි ස්ථානය වන අතර පසුගිය වසරේ දී මේ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයේ පසුවිය.
 
මෙම  දර්ශකය සඳහා  මාතෘ මරණ  අනුපාතය, ළමා මරණ  අනුපාතය,  දරුවන්ගේ අධ්‍යාපන මට්ටම්,  ආර්ථික මට්ටම  සහ කාන්තාවන්  රටේ දේශපාලන  කටයුතු සඳහා  මැදිහත්වන ප්‍රමාණය යන  කරුණු සැලකිල්ලට  ගනු ලැබේ. 
 
මාතෘත්වය සඳහා සුදුසු නොවන රටවල් ලෙස සෝමාලියාව, කොංගෝ රාජ්‍යය, මධ්‍යම අප්‍රිකාව, මාලි සහ නයිජර් රටවල් නම්කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us