ජනාධිපතිවරයා පවසන පරිදි අධ්‍යාපනය පිළිබඳ වගකිව යුතු ආයතන ඉගෙනුම් උපක්‍රම ගැන පමණක් නොවේ සමාජ ඒකාබද්ධතාවය ගැනද අවධානය යොමු කළ යුතු වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ(05) නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින දරුවන් තුල කිසිඳු බෙදීමක් ඇති නොකළ යුතු බව සහ කිසිම දරුවෙකුට තමන් කැමති පාසලකට ඇතුලත් වීමට ආගම හෝ ජාතිය ප්‍රශ්නයක් නොවිය යුතු බවයි.