පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඊයේ (05) ඔහු අත්අඩංගුවට ගත්තේ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,000 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අදාළවය.
අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය. එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය පොලිසියට නියෝග කළේය.
සබැදි පුවත්