විල්පත්තු අභය භුමියේ සිදුවන වන විනාශය නවතන ලෙස ඉල්ලමින් අද(09) පාර්ලිමේන්තු වට රවුම  අසලදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත් වුණි.

ඔබ 'සිනහව අතරින්' වගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හේතුව සහ ඒ සඳහා පසුබිම් වුණ කාරණා මොනවාද?

මේ චිත්‍රපටයේ කතාව තෝරාගන්නේ මීට කාලයකට ඉස්සෙල්ලා. ඒ මගේ ප්‍රථම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ කතාවක් ඇසුරින්. නමුත් කතාවේ චරිත දිහා බලනකොට මට තේරුණා මේ චරිතවල තිබෙන සැබෑ ස්වරූපය. මේක සත්‍ය කතාවක්. ඒ වගේම මේ චරිත ලෝකයේ කොහේ ජීවත් වුණත්, මොන ජාතියකට අයිති වුණත්, මොන ආගමක් ඇදහුවත්, මේක තුල කිසියම් ආකාරයක මනුෂ්‍ය දහම, මනුෂ්‍යයෝ හැසිරෙන ආකාරය, මනුෂ්‍යයන්ගේ සිතුම් පැතුම් තමයි විද්‍යමාන වෙන්නෙ. ඒ නිසා මම ඒකෙන් තිර රචනයක් සකස් කළා. දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ තිර රචනය එහාට මෙහාට වෙවී දිනෙන් දින උසස් තත්ත්වයකට ආවා. එහෙම ආව තිර රචනයෙන් තමයි චිත්‍රපටයක් කළේ.

සියළු පළාත් පලාන ආයතන මේ මස 15 වනදා විසුරුවා හැරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අඩු ආදායම් ලාභි පවුල් වල සිසු දරුදැරියන්ට පොත් ලබාදිම සදහා වත්තල පැවති උත්සවයකට එක්වෙමින්ය.

තෙල් මිළ ඉහළයාමක් මවාපාමින් රටේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ තෙල් මාෆියාව, රටතුළ ඉන්ධන හිගයක්ද ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් පතුරවමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මාධ්‍යයවේදියකු, පිටපත් රචකයකු මෙන් ම නාට්‍යය අධ්‍යක්ෂවරයකු වන අසංක සායක්කාරගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන ‘‘සංගදාසගෙ චූටි කලිසම“ ජුනි 26 වන දින බොරැල්ල නාමෙල් මාලනී පංචි තියටර්හිදි රංග ගතකෙරේ.

FB-Add-01

 

සිය ප්‍රධාන ප්‍රතිවාදීන් තිදෙනාම අභිබවමින් අනපේක්ෂිත ජයග්‍රහණයක් අත් කර ගත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් දෙවෙනි වරටත් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමට සමත් වී තිබේ. එම පක්ෂය ආසන 650න් 331ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත.



ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කළේ කොන්සර්වේටිව් පක්ෂයට දැන් පාර්ලිමේන්තුව තනිව පාලනය කළ හැකි බහුතර බලයක් ලැබී තිබෙන බැවින් තමන්ට මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට හැකියාව තිබෙන බවයි. 

ස්කොට්ලන්තය වෙනුවෙන් තවදුරටත් බලය විමධ්‍යගත කෙරුණු ආණ්ඩුවක් ලබා දෙන බවටත් ප්‍රතිඥා දුන් අගමැති ඩේවිඩ් කැමරන්, යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය සාමාජිකත්වය පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන බවද සනාථ කළේය.

පක්ෂය ලැබූ අනපේක්ෂිත පරාජය හමුවේ ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව විපක්ෂනායක එඩ් මිලිබෑන්ඩ් මේ අතර නිවේදනය කර තිබේ.

පෙරේදා පැවති මැතිවරණය සඳහා තරඟ වැදුනු ශ්‍රී ලාංකීය සබවයක් සහිත සිව් දෙනා අතරින් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ රනිල් ජයවර්ධන පමණි. රනිල් ජයවර්ධනට අමතරව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චමාලි ප්‍රනාන්දු ද කන්සර්වේටිව් පක්‍ෂයෙන් කෙම්බ්‍රිජ් ආසනය සඳහා බ්‍රිතාන්‍ය මහමැතිවරණයට තරග වැදුණි. කෙසේවෙතත් ඇයට හිමිව ඇත්තේ එම ආසනයේ 03 වැනි ස්ථානයයි. 

කම්කරු පක්‍ෂයෙන් හැරෝ නැගෙනහිර ආසනයට තරග වැදුණු උමා කුමාරන්ට හිමිව ඇත්තේ එම ආසනයේ දෙවැනි ස්ථානයයි.

ඡායාරූප උපුටාගැනීම: bbc

 elect1

elect2

පවතින මැතිවරණ ක්‍රමය යටතේම එළඹෙන මහ මැතිවරණය පැවැත්විය යුතු බවට සුළු පක්ෂ සම්මේලනයේදී තීරණය කර තිබේ.

ලංකාවේ වෙබ් අඩවි පාලනය වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහානායක ධුරය සඳහා ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි නාහිමියෝ ඊයේ පස්වරු‍ෙව් තේරී පත් වූහ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම බැංකු නීතියට අනුකූලව සිදු වී ඇති අතර එහි එක් කරුණක් පමණක් හුවාදක්වමින් ජනතාව අතර වැරැදි මතයක් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (8) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. බැංකු නීති-රීති ගැන නොදන්නා කිහිපදෙ‍නකු හැරෙන්නට මෙම ගනුදෙනුවට සම්බන්ධ කිසිදු පාර්ශ්වකරුවකු විසින් ඒ සම්බන්ධ එකම පැමිණිල්ලක් කර නැතැයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

Connet With Us