නව බ්‍රිතාන්‍ය අගමැති පොරොන්දු රැකීමට ප්‍රතිඥා දෙයි

Published in විදෙස්
Saturday, 09 May 2015 09:59

සිය ප්‍රධාන ප්‍රතිවාදීන් තිදෙනාම අභිබවමින් අනපේක්ෂිත ජයග්‍රහණයක් අත් කර ගත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් දෙවෙනි වරටත් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමට සමත් වී තිබේ. එම පක්ෂය ආසන 650න් 331ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත.



ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කළේ කොන්සර්වේටිව් පක්ෂයට දැන් පාර්ලිමේන්තුව තනිව පාලනය කළ හැකි බහුතර බලයක් ලැබී තිබෙන බැවින් තමන්ට මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට හැකියාව තිබෙන බවයි. 

ස්කොට්ලන්තය වෙනුවෙන් තවදුරටත් බලය විමධ්‍යගත කෙරුණු ආණ්ඩුවක් ලබා දෙන බවටත් ප්‍රතිඥා දුන් අගමැති ඩේවිඩ් කැමරන්, යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය සාමාජිකත්වය පිළිබඳව ජනමත විචාරණයක් පවත්වන බවද සනාථ කළේය.

පක්ෂය ලැබූ අනපේක්ෂිත පරාජය හමුවේ ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව විපක්ෂනායක එඩ් මිලිබෑන්ඩ් මේ අතර නිවේදනය කර තිබේ.

පෙරේදා පැවති මැතිවරණය සඳහා තරඟ වැදුනු ශ්‍රී ලාංකීය සබවයක් සහිත සිව් දෙනා අතරින් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ රනිල් ජයවර්ධන පමණි. රනිල් ජයවර්ධනට අමතරව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චමාලි ප්‍රනාන්දු ද කන්සර්වේටිව් පක්‍ෂයෙන් කෙම්බ්‍රිජ් ආසනය සඳහා බ්‍රිතාන්‍ය මහමැතිවරණයට තරග වැදුණි. කෙසේවෙතත් ඇයට හිමිව ඇත්තේ එම ආසනයේ 03 වැනි ස්ථානයයි. 

කම්කරු පක්‍ෂයෙන් හැරෝ නැගෙනහිර ආසනයට තරග වැදුණු උමා කුමාරන්ට හිමිව ඇත්තේ එම ආසනයේ දෙවැනි ස්ථානයයි.

ඡායාරූප උපුටාගැනීම: bbc

 elect1

elect2

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us