ඒ අනූව ඇයට දේශපාලනය කිරීමට නොහැකි බවට පනවා තිබූ වසර 10ක තහනමද ඉවත් වන අතරම නැවත වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ධූරය ලබා ගැනීමට ද අවස්ථාව හිමිවන බව වාර්තා වෙයි.
අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මත ජයලලිතා ජයරාම් ඇතුළු සිව්දෙනෙකුට බැංගලෝර් උසාවියකින් පසුගිය වසරේ සැප්තැම්බර් 27දා වසර 04 ක සිරදඬුවමක් නියම කරන ලදී.
එහිදී ජයලලිතාට කෝටි 100ක දඩයක් හා ශෂිකලා නැමැති ඇයගේ මිතුරියකට, සුදාකරන් නැමැති පුතාටත්, ඉලවරසි නැමැති ඥාතිවරියකටත් ඉන්දීය රුපියල් කෝටි 10 බැගින් දඩ නියම විය.
කෙසේ වෙතත් ඔවුන් සිව්දෙනාම ඉදිරිපත් කළ අභියාචනයකින් පසු පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබාදෙන ලදී.
එසේ ඇප ලබාදීමෙන් පසුවද මේ දක්වා එකී නඩු විභාගය පැවැත්වුණු අතර අද එහි අවසන් තීන්දුව ලබාදී තිබේ.
ජයලලිතා 1991 වසරේ මහ ඇමති ධුරයට පත්වී වසර 5 ක් ඇතුළත ඇයගේ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 3 සිට කෝටි 66 දක්වා ඉහළ යාම පිළිබඳව මීට වසර 18 කට පෙර ගොනුකර තිබූ නඩුවට අදාළ තීන්දුව බැංගලෝර් විශේෂ අධිකරණයක් විසින් ඇය ඇතුළු සිව්දෙනෙකු සිව්වසරකට සිරගෙට යැවීමට නියෝග කරන ලදී.
තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වන විට ඉන්දීය රුපියල් කෝටි 3 ක් වූ ඇයගේ වත්කම පස් වසරක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ නංවා ගැනීම අභියෝගයට ලක්කරමින් වසර 18 කට පෙර ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ‍්‍රමනියම් ස්වාමි විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.
මහ ඇමති ධුරය වෙනුවෙන් ඇය නාමික වශයෙන් ඉන්දීය රුපියලක වැටුපක් පමණක් ලබා ගනිද්දී මෙලෙස චෝදනා එල්ල වීම පිළිබඳව දැඩි කතාබහක් ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ දක්නට ලැබිණ.
කෙසේ වුවද ජයලලිතා 1996 වනවිට රත‍්‍රං කිලෝග‍්‍රෑම් 28 ක් සහ සාරි 12,000 ක්ද හිමිකරගෙන තිබූ බව වාර්තා විය.
එසේම ජයලලිතාගේ සමීපතම ඥාතීන් සමාගම් 32 ක් පාලනය කළ බවත්, ඇය අක්කර දහසක වතු යායක හිමිකාරිණියක් බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.
අද දෙරණ