ඊයේ(08) පස්වරුවේ පැවති සමුළුවේදී තවත් කරුණු 03 ක් සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, සමාජවාදී පක්ෂය, ඊ.පී.ඩී.පී පක්ෂය වැනි පක්ෂ 20 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් එම සමුළුවට සහභාගී වී සිටි බව මනෝ ගනේෂන් මහතා පවසයි.
එළඹෙන සතියේදී අදාළ තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය වූ බව මනෝ ගනේෂන් මහතා පවසයි.