මහින්ද පරදවන්න අැමරිකාව දුන් ලැප්ටොප් 3500 වහා සොයනු !(video) Featured

Published in පුවත්
Saturday, 09 May 2015 09:34

ලංකාවේ වෙබ් අඩවි පාලනය වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා අභයාරාමයේ මුස්ලිම් මිතුරන් කිහිපදෙනෙකු සමග පැවැති හමුවකදීය.

අදාල වෙබ් අඩවි සැලසුම්සහගතව ආරම්භ කළ ඒවා බවත්, මැතිවරණය අවස්ථාවේත්, ඉන් පසුවත් වෙබ් අඩවි තමා සමග නොසිටි බවත්, ඊට මුහුණදිය හැකි වෙබ් කණ්ඩායමක් තමා සතුව නොවුණ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ලැප්ටොප් පරිගණක 3,500ක් පමණ මෙරට තරුණ පරපුරට ලබාදී ඒවා මගින් තම පාලනය පෙරලීමට අවශ්‍ය වටපිටාව සකස් කළ බවද ඔහු කියා සිටී.

ඊට අමතරව මේ සදහා පරිගණක පුහුණු වැඩමුළුද තැබූ බව මහින්ද මහතා පැවසීය.

වසර නවයක් තිස්සේ මහ යුද්ධයකුත් කර මහා සංවර්ධනයකුත් කළ මේ පතාක යෝධයා බිලියන ගනනක් වියදම් කරමින් කළ මැතිවරණ ව්‍යාපාරය වෙබ් අඩවි කිහිපයකින් පරාජය කරන්නට හැකිවූ බව මහින්ද විසින්ම පිළිගැනීම සතුටට කරුණකි. මහින්ද පරාජය කළා යැයි කියන ඇතැම් කුහකයෝ මේ සටනේදී වෙබ් අඩවි, ෆෙස්බුක් සමාජ ජාලා විසින් දැක්වු දායකත්වය හිතා මතාම අමතක කර තිබිණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ම සකස්කළ නිලවෙබ් අඩවිය සැකසීමට ( mahindha 2020) වැය කළ මුදල පමණක් කෝටි තුන ඉක්මවා තිබිණි.නමුත් මහින්ද පරාජය වෙනුවෙන් බොහෝ පිරිස් කැප වූයේ ස්වෙච්ඡාවෙනි. තඹ දොයිතුවක ගෙවීමක් නොමැතිවය.

අමරිකාව ලැප්ටොප් 3,500 ක් යොදවා කළ මෙහෙයුමක් ගැන මහින්ද දොඩවන්නේ කිසිවකුගේ හෝ ලනුවක් ගිලමින් නොවේ නම් මේ ලැප්ටොප් 3,500 කිසිවකු හෝ වංචා කර ඇත. ඒ වහා සොයා බැලිය යුතුය. කවදා කොහේදී මේවා බෙදා හැරීම සිදුකළාද කාටද ලබා දුන්නේ ඊට වූ සුදුසුකම් හෝ ‍තෝරා ගැනීම කෙසේ සිදුවූවාද. අමරිකාව මේ ලැටොප් 3,500 ක් ගෙන්වනු ලැබුවේ කෙසේද ඒවා ගබඩා කර තැබුවේ කොහෙද යනාදි ප්‍රශ්න සියල්ලට පිළිතුරක් ලැබිය යුතුය.

Last modified on Saturday, 09 May 2015 09:36

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us