හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ‘අල් ජසීරා’ රූපවාහිනියේ මිනෙලි ෆර්නැන්ඩස් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව ද දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කළ බවට නැඟෙන චෝදනා ඔහු තරයේ ප‍්‍රතික්ෂේප කළේ ය. පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡවේ පරිවර්තනයකි.

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා ආරක්ෂක සමාගම විදෙස් රටවලට සහ විවිධ සංවිධානවලට මෙරටින් ආයුධ විකිණීමේ රහසිගත ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට එම සමාගමේ හිටපු කළමනාකරුවකු වූ කපිතාන් උදය දිසානායක ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හතළිස් හතර දෙනකුට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් නියෝගයක් ලබා ගැනීමට කළ උත්සාහය ‍ඊයේ (11) ව්‍යර්ථ විය.

නව ආණ්ඩුවේ දින 100 වැඩසටහන තුළ ඇතැම් ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇතත්, මානව හිමිකම් හා සුළුතර අයිතිවාසිකම් විෂයයෙහි තවමත් බොහෝ ගැටළු ඉතිරිව පවතින බව' යුරෝපය පදනම් කරගෙන සුළුතර හා ආදිවාසී ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන මානව හිමිකම් සංවිධානයක් සිය නවතම පර්යේෂණ වාර්තාවෙන් කියා සිටියි.

මරණ දඬුවම පිළිබඳ ප්‍රථම වාර්තාගත පාර්ලිමේන්තු විවාදයක් අපට හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 427 දී ය. මිටිලේන් කැරලිකරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිණවීමේ ප්‍රශ්නයට අදාළව ඇතන්ස් නුවර පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ ඩියෝඩොටස්, මරණ දඬුවම දීමෙන් අපරාධ අධෛර්යමත් කිරීමක් සිදු නොවන බවට තර්ක කරමින්, එම කැරලිකරුවන්ව මරණ දඬුවමට පත්කිරීම වැළැක්වීය.

දැනට අත්හදා බැලීමේ කටයුතු සඳහා ඉදිරිපත් කැර ඇති වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රවර්ධන විධායක ජෙරී නික්සන් පවසයි. ඔහු මේ බව කියා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ හි පැවති සම්මන්ත්‍රණයක දී ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාව අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහල තුළ දී රෝගියාට සපයන සායනික සේවාව නිසි ආකාරව ලැබේ ද යන්න සොයාබැලීම සඳහා සියලු ම වෛද්‍ය සංගම් සම්බන්ධ කරගෙන ජාතික කවුන්සිලයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සියලුම රජයේ කාර්යාල සේවකයින් සඳහා දේශීය ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.

Connet With Us