රවී මහින්දට එරෙහිව නඩු පැවරීමේ සූදානමක-විවාදයකට අභියෝගයකුත්(audio)

Published in පුවත්
Monday, 11 May 2015 14:45

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් අයථා ලෙස ණය ලබා දෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ අනුව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (11) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති නතර කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චෝදනා එල්ල කර ඇති බවත්, එසේ ව්‍යාපෘති නතර කර ඇති නම් ඒ ගැන විවාදයක් කිරීමට තමන් සුදානම් බවද ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී කීවේය.

සංවර්ධන ව්‍යාපෘති තුන හතරක් පමණ නතර වී ඇති වී ඇත්තේ දූෂණ වංචා සහිත ඒවා නිසා බවත්, එසේ හැර සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක බවත් පැවසීය.

මේ ගැන හැකිනම් විවාදයකට එන්නැයි තමන් හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බවත්, එතුමාට පැමිණීමට නොහැකි නම් තමන් ඔහු ළඟට යාමට සුදානම් බවත්, රවී කරුණානායක මහතා කීවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/ravi-edit{/soundcloud}

Last modified on Monday, 11 May 2015 15:55

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us