ගෝඨාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විසිකරයි

Published in පුවත්
Tuesday, 12 May 2015 06:35

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හතළිස් හතර දෙනකුට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් නියෝගයක් ලබා ගැනීමට කළ උත්සාහය ‍ඊයේ (11) ව්‍යර්ථ විය.

තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් හා අවදානමක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි එම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඊයේම (11) මේ පෙත්සම විනිසුරු මඬුල්ලක් හමුවට ඉදිරිපත් කිරීමට නීතිඥවරු උත්සහ කළ ද ඊයේ (11) විභාග කිරීම හෝ කැඳවීමට නියමිතව තිබූ නඩු ලැයිස්තුවට මේ පෙත්සමට අදාළ නඩු අංකය ඇතුළත්ව නොතිබිණි.

එහෙත් වෙනත් නඩුවක් කැඳවන අතරතුර දී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙම නඩුව සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා සහ ප්‍රියසාත් ඩෙප්, රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම ඉල්ලීම කරන ලදී.

එහෙත් එම පෙත්සමට අදාළ වෙනත් නඩු ගොනු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සහ එම පෙත්සමට අදාළ නඩු අංකය ඊයේ (11) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කැඳවූ, නඩු ලැයිස්තුවෙහි ඇතුළත් නොවීම පිළිබඳව අධිකරණයේ අවධානය යොමු විය.

එම කරුණු සැලකිල්ලට ගත් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා සඳහන් කෙළේ අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමකින් තොරව සහ නඩු ලැයිස්තුවේ ඇතුළත් වීමකින් තොරව එම පෙත්සම සලකා බැලිය නොහැකි බවය. එවැනි අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් ඊට අදාළ අධිකරණයක් වෙත ගොස් එවැනි නියෝගයක් ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රකාශ කෙරිණි. එසේ නැතහොත් නිසි පරිදි ලයිස්තු ගත කොට එම පෙත්සම විනිසුරු මඬුල්ල වෙත යොමු කරන ලෙස උපදෙස් දෙන ලදී.


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමේ නෛතික තත්ත්වය අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එකී පෙත්සම ගොනු කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් පිහිටුවීමට නෛතික ප්‍රතිපාදන නැති බවයි.

කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, පොලිස්පතිවරයා, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 6 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

 

දිනමිණ ඇසුරෙනි

Last modified on Tuesday, 12 May 2015 07:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us