ආණ්ඩුවේ දින 100 ගැන ජාත්‍යන්තර සංවිධානයකින් සමාලෝචන වාර්තාවක්

Published in පුවත්
Monday, 11 May 2015 21:29

නව ආණ්ඩුවේ දින 100 වැඩසටහන තුළ ඇතැම් ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇතත්, මානව හිමිකම් හා සුළුතර අයිතිවාසිකම් විෂයයෙහි තවමත් බොහෝ ගැටළු ඉතිරිව පවතින බව' යුරෝපය පදනම් කරගෙන සුළුතර හා ආදිවාසී ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන මානව හිමිකම් සංවිධානයක් සිය නවතම පර්යේෂණ වාර්තාවෙන් කියා සිටියි.

චෝදනා ඉදිරිපත් නොකර පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ඉඩ සලසන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන් වන්දිගෙවීම දෙසට මිස සත්‍යය හා යුක්තිය වෙතට එල්ල නොවීම, හමුදා කඳවුරු හේතුවෙන් නැවත පදිංචිකිරීමේ වැඩපිළිවෙළ අවිශ්වසනීය තත්ත්වයකට පත්ව තිබීම, උතුරෙන් හමුදා සේනාංක හා කඳවුරු ඉවත් නොකරන හෙයින් මිලිටරිකරණය ඉහළ මට්ටමක පැවතීම, පොලීසිය හා ආරක්ෂක හමුදා විවේචනය කරන දෙමළ ජනමාධ්‍යවේදීන්ට තවමත් ඔවුන්ගේ රාජකාරියේ දී කරදර පැමිණවීම හා ග‍්‍රාමීය ප‍්‍රජාව සඳහා ඉඩම්වලට හා මුහුදට ප‍්‍රවේශවීමේ අවස්ථා සහතික කොට නොතිබීම ඒ අතර ප‍්‍රධාන බව පර්යේෂණ වාර්තාව කියා සිටී.

‘‘ශ‍්‍රී ලංකාවේ සුළුතර අයිතිවාසිකම්: ප‍්‍රගතියක්ද? දුබලතාවක්ද? මෛති‍්‍රපාල සිරිසේනගේ දින 100 වැටසටහන පිළිබඳ සමාලෝචනයක්’’ නමින් ස්විට්සර්ලන්තයේ පදනම් කරගෙන ක්‍රියාත්මක වන ‘තර්ජිත ජනතාවන් සඳහා වූ සංගමය’ (Society for Threatened Peoples, Switzerland - STP) විසින් මෙම වාර්තාව එළිදක්වා ඇත.

sri lanka 100 days cover

තේමා නවයක්

නීති විරෝධී ඝාතන හා අතුරුදහන් කිරීම්, යුද අපරාධ, සුළුතර අයිතිවාසිකම්, මිලිටරිකරණය, ඉඩම් ගැටලූ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන සිරකරුවන්, ආගමික නිදහස, ප‍්‍රකාශනයේ නිදහස, ජීවනෝපාය යන තේමා නවය යටතේ මෙම වාර්තාව කරුණු ගොනුකර ඇති අතර, සෑම තේමාවකටම අදාළව ධනාත්මක හා ඍණාත්මක කරුණු ඒවායේ මූලාශ‍්‍ර සහිතව දක්වා තිබේ.

නීති විරෝධී ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සැළකීමේ දී ඝාතනයට ලකවූවන් හා අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නව විමර්ශන ඇරැඹී ඇති නමුත් අතුරුදහන්වූවන් ගැන කැරෙන විමර්ශන පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බව සිවිල් සමාජ කණ්ඩායම් කියා සිටින බවත්, නව ආණ්ඩුව විසින් ද දණ්ඩ මුක්ති සංස්කෘතිය අවසන් කර නොමැති බවත් වාර්තාව කියයි.

රහසිගත රැඳවුම් කඳවුරු පවතින බවට තොරතුරු තිබියදීත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එවැනි කඳවුරු පැවැතීම ප‍්‍රතික්‍ෂේප කරන අතර අතුරුදහන් වූ වැඩි පිරිසක් මරණයට පත්ව හෝ රටින් පිටව ඇති බව කියා සිටී. දින 100 වැඩපිළිවෙලින් අනතුරුව අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනයන්ගේ ප‍්‍රගතිය පිළිබඳ නිල තොරතුරු කිසිවක් ප‍්‍රකාශ වී නැත. විමර්ශනයන් මඟහැර වන්දි ගෙවීම දෙසට පමණක් නැඹුරු වූ පසුගිය රෙජීමය විසින් පත්කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම විශ්වාස කළ නොහැකි බව සිවිල් සමාජ සංවිධාන පවසද්දී, මෙම විවේචන නොසළකා ජනාධිපති සිරිසේන එහි නිර්දේශ අනුමත කර තිබේ.

'No Fire Zone' සිංහල පිටපත ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කරයි

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නව ආණ්ඩුව කැමැත්තෙන් සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට රටට ඇතුළු වීමට හැකිවී ඇති බවත් පවසන STP සංවිධානය, දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතීන් යොදාගන්නේ කෙසේද යන්න තවමත් පැහැදිළි නැති බව ද සඳහන් කරයි. යුද අපරාධ සම්බන්ධ ඍණාත්මක කාරණා අතර චැනල් 4 නාලිකාවේ No Fire Zone සිංහල පිටපත ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීමත්, වීඩියෝවේ ඇති තොරතුරුවලට ප‍්‍රවේශ වීම සඳහා චැනල් 4 ආයතනය සම්බන්ධ කරගැනීමේ කිසිදු අභිප‍්‍රායයක් ආණ්ඩුව විසින් නොදැක්වීමත් දැක්වේ. එසේම එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන වාර්තාව කල් දමනු ලැබූවත්, විමර්ශන සමඟ තමන් සහයෝගයෙන් කටයුතු කරන බව සහ ඒවාට සහාය පළ කිරීමට ශ‍්‍රී ලාංකිකයන්ට නිදහස තිබෙන බව ආණ්ඩුව විසින් පවසා නැත. එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමට රටට පැමිණීමට ආරාධනා කිරීම ද ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

ගුවන් ‍තොටේදී අත්අඩංගුවට

ආණ්ඩු වෙනස හේතුවෙන් සියරට ඒමට තීරණය කළ දෙමළ ජාතිකයන් දස දෙනකුට ආසන්න පිරිසක් 2015 ජනවාරියේ සිට මේ දක්වා එසේ රටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපතිවරණයෙන් පසුව පවා ආරක්ෂක හමුදා සහ පොලීසිය විවේචනය කළ දෙමළ ජනමාධ්‍යවේදීන් ප‍්‍රහාරයන්ට, හිරිහැරයන්ට ලක්වී හෝ අත්අඩංගුවට පත් වී තිබේ. ආණ්ඩු වෙනසින් පසු පවා හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් හමුදාවන්ගේ හිරිහැරයන්ට ලක්ව ඇතිබවට චෝදනා එල්ල වී ඇති අතර නව ආණ්ඩුව යටතේ මඩකලපුවේදී පමණක් 15 දෙනෙක් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ප‍්‍රකාශ සිදුකිරීම හැරෙන්නට දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ප‍්‍රජාව සමඟ කිසිදු කටයුත්තක් මෙම දින 100 තුළ සිදුකර නැත. හමුදා ජයග‍්‍රහණ ස්මාරක පවත්වාගෙන යාම හා මැයි මාසයේ මියගිය දෙමළ ජාතිකයන් සැමරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් ප‍්‍රකාශ කර නැත.

නැවත පදිංචි කිරීම් අවිනිශ්චිතයි

ඉඩම් අක්කර 2500ක් ඒවායේ මුල් අයිතිකරුවන්ට ආපසු භාරදීමට නව පාලනයට අවශ්‍ය වී ඇතැයි කියන නමුත් බොහෝ ඉඩම් අනවසර අත්පත්කරගැනීම් තත්ත්වයේ පවතින අතර, නැවත පදිංචිකිරීමේ කි‍්‍රයාවලිය අවිශ්වසනීය බවද පෙන්වා දෙන වාර්තාව, හමුදා කඳවුරුවලින් වටකරන ලද හුදෙකලා ඉඩම් කට්ටි වශයෙන් ඉඩම් නිදහස් කිරීම ගැන දෙමළ සිවිල් සමාජ නියෝජිතයෝ කලකිරීමෙන් පසුවන බව අවධාරණය කරයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන සිරකරුවන් පිළිබඳ ගැටලූව වඩාත් නරක තත්ත්වයක් බව වාර්තාවෙන් හෙළිවන්නේ ඒ විෂයයට අදාළව එක් ධනාත්මක කරුණක් පමණක් වාර්තා වෙද්දී ඍණාත්මක කරුණු 7ක් පෙළගැසී තිබීමෙනි. බාලේන්ද්‍රන් ජෙයකුමාරී හා තවත් දෙමළ සිරකරුවන් නවදෙනෙක් ඇපපිට නිදහස් කිරීම වැදගත් ආරම්භක පියවරක් වන නමුදු ඔවුන්ට විදේශ ගමන් තහනම් කිරීම කිසියම් හිරිහැරකිරීමක් බව වාර්තාව පවසයි. දෙමළ ජාතිකයන් තවමත් දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගැනෙන අතර, 280ක පමණ පිරිසක් තවමත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිති. නීති විරෝධී කි‍්‍රයාවන්ට සම්බන්ධ නම් කිසියම් පුද්ගලයකු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව මාස 18ක් සිරගතකිරීමට ඉඩසලසන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන බවට කිසිදු සළකුණක් ආණ්ඩුව දක්වා නැති බවද වාර්තාව පෙන්වා දෙයි.

සියළු ආකාරයේ ජන සහ වර්ග සංහාරයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තරව ක්‍රියා කරන STP සංවිධානය ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව, ලක්සම්බර්ග්, ඉතාලිය, බොස්නියා හෙර්සගොවිනා, චිලිය සහ කුර්දිස්තානයේ කාර්යාල පවත්වාගෙන යනු ලබයි. එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කවුන්සිලයේ උපදේශන මට්ටමින් ක්‍රියා කිරීමට අමතරව, යුරෝපා කවුන්සිලයේ සහභාගී සාමාජිකත්වයද එයට හිමි ය.☐

© JDS

Last modified on Monday, 11 May 2015 21:32

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us