පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සංචාරයට එක්වීමට නියමිත බවද සඳහන්ය.
අතුරුදන් කිරීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ දිනවල ජිනීවාහිදී පැවැත්වේ.
මෙහිදී රටවල් 30 ක අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි 400 ක් පමණ අවධානයට යොමුව ඇති අතර එම සාකච්ඡාව පසුගිය 06 වැනිදින ආරම්භ වූ අතර එය ලබන 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්ය.
ශ්‍රී ලංකාවට අමතරව මොවුන් ජුනි මස 01 වන දින සිට 10 වන දින දක්වා පේරු රාජ්‍යයේත්, නොවැම්බර් මස 16 වන දින සිට 20 වන දින දක්වා තුර්කියේත් සංචාරය කිරීමට නියමිතය.