මෝටර් රථ නිවාස හා ඉඩම් අලෙවියේදී මිල අනිවාර්යයි

Published in පුවත්
Monday, 11 May 2015 09:52

මෝටර් රථ, නිවාස හා ඉඩම් අලෙවි කිරීමේදී ඒවායේ මිල සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.

පාරිභෝගික අධිකාරි පනතේ විසිහය වැනි වගන්තියට අනුව ඕනෑම භාණ්ඩයක අලෙවි මිල සටහන් කිරීම අනිවාර්ය බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා පැවසීය.

මේ අනුව මිල සටහන් නොකළ මෝටර් රථ හා නිවාස අලෙවි මධ්‍යස්ථාන ඉදිරි දිනවලදී පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

ඇතැම් තැරැව්කරුවන් විසින් නියමිත මිලට වඩා වැඩි මිලක් පෙන්වා අධික ලාභයක් ලැබිම නිසා ජනතාව අසීරුතාවට පත් වන බවද සභාපතිවරයා පැවසුවේය.

මෝටර් රථ අලෙවි මධ්‍යස්ථානවල මෝටර් රථ අලෙවි කිරීමට ප්‍රදර්ශනය කිරීමේදී එහි මිල සටහන් කර නොතිබිම නිසා තමන් අසීරුතාවට පත්වන බවට පාරිභෝගිකයන්ගෙන් අධිකාරියට පැමිණිලි ලැබි ඇත.

මුද්‍රිත මාධ්‍යවල මිල සටහන් කිරීම යම්තාක් දුරට ක්‍රියාත්මක වුවද විද්‍යුත් මාධ්‍යවල මිල සඳහන් කිරීම ඉතා අවම මට්ටමක පවතී.

කිසියම් භාණ්ඩයක් අලෙවි කිරීම පිළිබඳව පුවත්පත්, චිත්‍රපට, රූපවාහිනී, වීඩියෝ, ගුවන් විදුලිය, අන්තර්ජාලය හෝ වෙනත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළ කරනු ලබන්නේ නම් එහි මිල සටහන් කිරීම අනිවාර්ය කරමින් 2011.01.07 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us