News Items (18842)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයකු වූ ලයනල් බෝපගේ මහතා මෙරට ද්විත්ව පුරවැසි භාය ඉල්ලුම් කර ඇතත් ඒ ලබා දෙනෙනේද නොදෙන්නේද යන්න ගැන ආණ්ඩුව දෙගිඩියාවකින් සිටින බව වාර්තවේ.
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට එරට අධිකරණය අද (16) මරණ දඩුවම නියම කළේය.
මෙරට අත්අඩංගුවේ පසුවු තමිල්නාඩු ධීවරයන් 37 දෙනෙකු ඊයේ (15) නිදහස් කිරිමෙන් අනතුරුව ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු නිදහස් කර තිබේ.
අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු යන්න තේමාව කර ගනිමින් ජාතික බලශක්ති වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ජවන ශක්ති යාත්‍රා" ප්‍රදර්ශණාත්මක ධාවන තරගය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විය.
ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවැනි තැන හිමිව ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන එල්.කේ. විමලචන්ද්‍ර මහතා ඉල්ලා අස්වු බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ සිදුව ඇති විශාලම මාධ්‍ය කප්පම පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇතැයි 'දෙරණ' නාලිකාව කියා සිටියි.
ඉන්දීයාවේ සිටින ලාංකික සරණාගතයින් ගෙන්වා ගන්න එක්සත් ජාතීන්ගේ සහාය
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
ශ්‍රී ලංකාව යළිත් ආයෝජකයන් ආකර්ෂණය වන රටක් බවට පත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම අවසන් අදියරේ
පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට අදාළ ගැසට් නිවේදනය මාසයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
