සිරසට දෙරණින් අනතුරු ඇඟවීමක්

Published in පුවත්
Saturday, 16 May 2015 11:53

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ සිදුව ඇති විශාලම මාධ්‍ය කප්පම පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇතැයි 'දෙරණ' නාලිකාව කියා සිටියි.

මෙරට ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය ජාලයක් විසින් ඉතා සූක්ෂම අන්දමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බව 'දෙරණ' අනාවරණය කරයි.

එම කුප්‍රකට මාධ්‍ය ජාලය, දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ රටට හිතකර ව්‍යාපෘති නිර්දය ලෙස විවේචනය කරමින්, ඒවා රටට අයහපත් ව්‍යාපෘති යැයි මවාපා දේශීය සහ විදේශීය ආයෝජකයින් මුලින්ම බිය වද්දන බවත්, එසේ බිය වැද්දීමෙන් අනතුරුව තම මාධ්‍ය අවභාවිතය හරහා ඔවුන් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිරූපය ඉහළ දැමීමට පොරොන්දු වෙමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා කප්පම් ලබා ගැනීමේ නවතම මාධ්‍ය කලාවක් අනුගමනය කරමින් සිටින බවත් 'දෙරණ' කියා සිටියි.

ඒ පිළිබඳව සියලු තොරතුරු නුදුරු දිනකදීම ශ්‍රී ලාංකීය ජනතාවට හෙළි කිරීමට 'දෙරණ' සුදානම් වේ.
....................

දෙරණ මේ කියනේ සිරස ගැනය. මේ කියන ව්‍යාපෘතිය කොළඹ වරාය නගරයය. මේක කෙලින් කියන්න බැරි 'දෙරණ' ගේම ඉල්ලන්නේ ස්ටිකරයක් නල්ලේ අලෝගත් ඔලුබක්කෙකුගෙන්ද ?යන්න අපට අසන්නට සිදුවේ.

දෙරණ නාලිකාවේ හිමිකරුවකු වන දිලිත් ජයවීරට එරෙහිව කොටස් වෙළඳපොළ වූ දුෂිත ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මේක සිරසට අනුව ලෝකයේ ලොකුම අපරාධයය.

පසුගියද කොළඹ කො‍ටුවේ ඉඩම් පළහිලව්වකටද මේ දෙගොල්ලෝ තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගත්තා වැනි මහා මාධ්‍ය යුද්ධයක් ද කළේය. මේකට හිරු නාලිකාවද පැටළුනේය.

කොහොම උනත් මේ කවුරුත් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් වරප්‍රසාද ගනිමින් ඒ අාණ්ඩුව වෙනුවෙන් කටයුතු කළ ආයතන වේ. මේ මොහොතේත් ඔවුන් සේවය කරන්නේ ඒ දූෂිත පාලනය නැවත ගෙන ඒම වෙනුවෙනි. මන්ද ඔවුන්ගේ ම්ලෙච්ඡ ව්‍යාපාරික අරමුණු ඉෂ්ඨ කර ගැනීම එවැනි දූෂිත පාලනයකදී පහසු බැවිනි. මෙහිදී සිරස ඉතා දුෂ්ඨ හා නරුම මාධ්‍ය භාවිතාවක යෙදෙමින් සිටී. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාගේ පරාජය සහතික බව දැන ගැනීම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන ප්‍රතිපත්තියකට මාරු විය. මේ මොහොතේත් සිරස පාවිච්චි වෙන්නේ තමන්ගේ ප‍ටු දේශපාලන වුවමනාවන් වෙනුවෙනි. දෙරණ හා හිරු නාලිකා දෙකද සිරස තරම් නරුම තනකට වැටී නැතත් තම ඇත්ත අපේක්ෂාව කුමක්ද යන්න වසන් නොකරයි.

දැන් දෙරණ සිරසේ කුණු හොයන තරමට සිරසද දෙරණේ කුණු සොයනු ඇත.හෙට අනිද්දාට මාධ්‍ය ලෝකයම මේ කුණු ගන්දස්කාරයෙන් පිරීයනු ඇත.

Last modified on Saturday, 16 May 2015 12:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us