අල්ලස් කොමසාරිස්වරයෙක් ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Saturday, 16 May 2015 13:49

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන එල්.කේ. විමලචන්ද්‍ර මහතා ඉල්ලා අස්වු බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.

එල්.කේ. විමලචන්ද්‍ර මහතා ඊයේ(15) දිනයේ සිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව ඇය සඳහන් කළාය.


සම්මත වූ 19 ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිත නව කොමිෂන් සභා පත් කිරීමට ඉඩ සලසා දෙමින් ඒ මහතා ඉල්ලා අස්වීමට හේතුවී ඇති බව දිල්රුක්ෂි ඩයස් මහත්මිය පැවසුවාය.


කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අන්තර් කාලීන ප්‍රතිපාදන තිබේනම් අල්ලස් හෝ දුෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව නව කොමිසමක් පත් කරන තෙක් ක්‍රියාත්මක විය හැකි බවද ඒ මහත්මිය අවධාරණය කරයි.

මේ හේතුවෙන් කොමසාරිස්වරයෙකු ඉල්ලා අස්වු පමණින් අදාළ කොමෂන් සභාවේ අක්‍රීය නොවන බවද ඇය පෙන්වා දෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ වන තෙක් නිල පිටපතක් තමන්වෙත නොලැබී ඇති බැවින් කොමසාරිස්වරුන්ගේ නෛතික තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවත්, දැනට පවතින කොමිසම විධානයක් මාර්ගයෙන් ආරම්භකර ඇති විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යා හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් ක‍ළාය.


නමුත් නව විමර්ශන කටයුතු ආරම්භ කළ නොහැකි බවත්, එනමුදු මහජනතාවගේ පැමිණිලි බාරගත හැකි බවත් ඒ මහත්මිය පැවසුවාය.


දැනට පවතින කොසමිසන් සභාවේ විධානයකින් පසුව ආරම්භ කර ඇති විමර්ශන ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත්, නමුත් ඒ සඳහා නඩු පැවරිය නොහැකි බවත්, ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us