අධිවේගයේ දූෂණ සෙව් වාර්තාව අතුරුදහන්

Published in පුවත්
Saturday, 16 May 2015 08:45

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා-දූෂණ සිදු වී ඇත්දැයි විමර්ශනය කර මොරටුව විශ්වවිද්‍යාලය මගින් සකස් කළ වාර්තාව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතාට භාර දී ඇතත් ඊට අදාළව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම නිසා එය යට ගැසීමේ උත්සාහයක් පවතින බවට සැක මතු වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ මහාචාර්ය අශෝක පෙරේරා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, එය මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතාට භාර දී තිබේ. අදාළ වාර්තාව මෙලෙස රහසක් ලෙස තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න ඊට අදාළ තොරතුරු ලබාදුන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීහු ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය අශෝක පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාලයට ලබාදුන් කාර්යයක් තමන්ගේ මූලිකත්වයෙන් අවසන් කළ බවත්, ඉන්පසු එය අමාත්‍යංශයට භාරදුන් බවත්ය. මෙම වාර්තාව පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිවක් සැපයීමට තමන්ට අවසරයක් නැති බවද අප කළ විමසීමට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා සඳහන් කළේය.
අදාළ වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව විමසීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත.

පසුගිය කාලයේදී අනාවරණය වූ ආකාරයට අධිවේගී මාර්ග සඳහා දැවැන්ත මුදලක් පසුගිය ආණ්ඩුව ම`ගින් වැයකර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 157ක් සඳහා රුපියල් බිලියන 235ක් වැය කර ඇති අතර, ඒ අනුව එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 1.5ක් වැය කර ඇත.

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 26ක් සඳහා රුපියල් බිලියන 47ක් වැය කර ඇති අතර, ඒ අනුව එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 1.8ක් වැය කර ඇත. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙල දක්වා කිලෝමීටර් 11ක් සඳහා රුපියල් බිලියන 30ක් වැය කර ඇති අතර, ඒ අනුව එක් කිලෝමීටරයක් වැය කර ඇති මුදල රුපියල් බිලියන 2.7කි.

ඒ කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව සැලසුම් කර තිබෙන අධිවේගී මාර්ග සඳහා වන වියදම පෙර මාර්ග වියදමට වඩා වැඩි අගයක් ගන්න බව විපක්ෂය චෝදනා කර මින් තිබේ. ඒ අනුව

කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 10ක් සඳහා රුපියල් බිලියන 50ක්ද, කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9ක් සඳහා රුපියල් බිලියන 63ක්ද වෙන් කර ඇත. ඒ අනුව පිළිවෙලින් එක් කිලෝමීටරයක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 5ක් සහ රුපියල් බිලියන 7ක් වේ.

කෙසේ වෙතත් ලෝක බැංකු වාර්තාවල සඳහන් වන ආකාරයට සාමාන්‍යයෙන් අධිවේගී මාර්ග කිලෝමීටරයක් සඳහා වැයවන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයකි. එනම් රුපියල් මිලියන 130 කට ආසන්න මුදලකි. එහෙත් ලංකාවේ අධිවේගී මාර්ග එක් කිලෝමීටරයක් සඳහා රුපියල් මිලියන එක්දහස් පන්සියයත්-පන්දහසත් අතර මුදලක් වැය කර තිබේ.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු පැවසුවේ මෙම වාර්තාවට තම අධිකාරියෙන් සැපයූ තොරතුරුවලට අනුව නම් පසුගිය ආණ්ඩුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේද ඇමැතිවරුන් කිහිප දෙනකුගේ මූල්‍ය අක්‍රමිකතා මෙහි සඳහන් විය යුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us