පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම අවසන් අදියරේ

Published in පුවත්
Saturday, 16 May 2015 09:51

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට අදාළ ගැසට් නිවේදනය මාසයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

එම සීමා නිර්ණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති අතර කමිටුව විසින් කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට අදාළ කටයුතු 95% ක් පමණ අවසන් කර ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් ජී. දඩල්ලගේ මහතා සඳහන් කළේය.

අදාළ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කොට්ඨාශ ක්‍රමයට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජී.දඩල්ලගේ මහතා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන 234 ක බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොමසාරිස්වරුන් යටතට පත්ව තිබේ.මහනගර සභ 03 ක් , නගර සභා 30 ක් සහ , ප්‍රාදේශීය සභා 201 ක බලය මෙලෙස කොමසාරිස්වරයෙකුගේ පාලනයට පත්ව ඇත.

අදාළ පළාත්පාලන ආයතන වල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වීම හේතුවෙන් නීත්‍යානුකූලව ඒවායේ පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත්වීම සිදුවෙයි.

කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පළ කරමින් දිවයින පුරා පළාත් පාලන ආයතන වල කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක්ද සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us