මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 37 දෙනා නිදහස් කිරිමට ඉන්දීය ධීවර නියෝජිතයන් පිරිසක් හමුවු අවස්ථාවේ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වි තිබුණි.
ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කිරිමේ එකඟතාව මත ජනාධිපතිවරයා අදාළ ඉන්දීය ධිවරයන් පිරිස නිදහස් කර තිබේ.
එම එකඟතාව මත ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනා නිදහස් කිරිමට ඉන්දීය බලධාරින් කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.