මෙම සැකකරුවන් අද(21) යාපනය උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත.
ලබන මස 1 වැනිදා, 3 වැනිදා හා 4 වැනිදා වශයෙන් කාණ්ඩ 3ක් යටතේ මොවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
මෙම පිරිස දැරියක සමූහ දූෂණය කළ පිරිසකට මරණ දඬුවම දෙන්නැයි බලකරමින් බදාදා (20) යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනිණ.