සන්ඩෙලීඩර් ඉරුදින හිමිකරුවා සේවකයන්ට පඩි ගෙවීම නවත්වයි.

Published in පුවත්
Wednesday, 20 May 2015 07:45

සන්ඩෙලීඩර් ඉරුදින පුවත්පත් හී හිමිකරුවා වන අසංග සෙනෙවිරත්න මහතා මේ දිනවල ප්‍රසිද්ධියට නොපැමිණ රහස් ජීවිතයක් ගත කරන බවත් මේ හේතුවෙන් ඔහුගේ ව්‍යපාරවල සේවකයන්ට පසුගිය අප්‍රේල් මාසයේ වැ‍ටුපවත් ගෙවීමට එම ආයතන පරිපාලකයන්ට නොහැකිව ඇති බවත් වාර්තාවේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රජපක්ෂවරුන්ගේ හුරතලෙකු බවට පත්ව සිටි අසංග සෙනෙවිරත්න නාමල් රාජපක්ෂගේ රග්බි ගුරුවරයා ලෙසද සැලෙකෙන අතර රග්බි සම්මේලනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

කෙසේ නමුත් මේ වන විට මූල්‍ය අපරාධ ඒකකය විසින් කොටස් වෙළඳපොළ දූෂණ හා තවත් මූල්‍ය දුෂණ පරීක්ෂණ වලදී ඔහුගේ නම ද ඈඳුන පරීකෂණ කිහිපයක්ම පැවැත්වීම හේතුවෙන් සෙනෙවිරත්න මහතා සිය ගිණුම්වල් මුදල් සෙලවීමත් නවතා දමා ඇත. ඔහු කොටස් වෙලඳපොළ අධ්‍යක්ෂකවරයකුද වේ. සන්ඩෙලීඩර් ඉරුදින පුවත්පත් හී සේවකයන්ට වැ‍ටුප් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් එම සේවකයන් කළ ප්‍රශ්න කිරීම් වලදි එම පරිපාලනය පවසා ඇත්තේ ආණ්ඩුව, සෙනෙවිරත්න මහතාගේ ව්‍යාපාර කටයුතු කෙරෙහි ඇහැගහගෙන සිටින නිසා කිසිදු මූල්‍ය කටයුත්තක් මේ දිනවල සිදු නොකරන බවය. සේවකයන්ට වැ‍ටුප් ගෙවීමට මුදල් යෙදවුවහොත් එම මුදල් ලැබුණෙ කොහෙන්දැයි හෙළිවිය හැකි නිසා වැ‍ටුප් ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බවද පවසා ඇත.

කෙසේ නමුත් මෙම පුවත්පත් ආයතනය රාජපක්ෂපලන සමයේදි ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරාට අයත්ව තිබී රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය යටතේ සෙනෙවිරත්න මහතා වැඩි කොටස් ප්‍රමණයක් මිලදී ගෙන එම පුවත්පත් රාජපක්ෂ පාලනයට හිතෛශී පුවත්පත් ලෙස පවත්වාගෙන ගියේය.

Last modified on Wednesday, 20 May 2015 08:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us