මහ බැංකු අධිපති බෑනාගේ සමාගම ක්‍රියා කළ හැටි අසාමාන්‍යයි- විමර්ශන කමිටුව කියයි

Published in පුවත්
Wednesday, 20 May 2015 09:25

සුරැකුම්පත් වෙන්දේසියේදී ඒවා ලබාගත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස්‌ නමැති සමාගම ක්‍රියාකර ඇති ආකාරය අසාමාන්‍ය බවත් මේ පිළිබඳ සොයා බැලීමට නිසි රාජ්‍ය අධිකාරියකින් සම්පූර්ණ විභාගයක්‌ පැවැත්විය යුතු බවත් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කමිටුව නිර්දේශ කර ඇත.

මහ බැංකුව විසින් 2015 වසර සඳහා නිකුත් කළ භාණ්‌ඩාගාර බැඳුම්කර පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා වශයෙන් නීතිඥ ගාමිණී පිටිපන මහතා ද සාමාජිකයන් ලෙස නීතිඥ මහේෂ් කළුගම්පිටිය සහ නීතිඥ චන්දිමාල් මෙන්ඩිස්‌ යන මහත්වරු ද කටයුතු කළහ.

පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සුරැකුම්පත් වෙන්දේසියේදී ක්‍රියාකර ඇති ආකාරය කරුණු දෙකක්‌ මත අසාමාන්‍ය බව ද බැඳුම්කරයක වටිනාකම රුපියල් කෝටි 100 ක්‌ වෙද්දී එය රුපියල් කෝටි දෙසීයකට ඉල්ලුම් කිරීම සැලකිල්ලට බඳුන් වූ බව ද කමිටුව සිය වාර්තාවේ දක්‌වා තිබේ.

එමෙන්ම ප්‍රකාශයට පත් බැඳුම්කරයේ වටිනාකම රුපියල් කෝටි දහසක්‌ වෙද්දී ඉහත සමාගම රුපියල් කෝටි එක්‌දහස්‌ තුන්සියයක්‌ වටිනා බැඳුම්කර ඉල්ලුමක්‌ සඳහා ලංකා බැංකු සහාය පැතීම ද අසාමාන්‍ය කරුණක්‌ බව කමිටු වාර්තාවේ දැක්‌වේ.

මෙම ගනුදෙනුවේදී මහජන මුදල් වැය කර ඇතැයි ද එනිසා රාජ්‍ය මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය වී ඇද්දැයි සොයා බැලීමට නිසි රාජ්‍ය අධිකාරියක්‌ මගින් සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීම සුදුසු යෑයි ද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

කමිටුවට ලද තොරතුරු මත ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතුවල කිසිදු විනිවිදභාවයක්‌ නොමැති බව කමිටුව නිරීක්‍ෂණය කළ බව ද ප්‍රාථමික ගැනුම්කරුවන් සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අතර සිදුකෙරෙන කාර්යයන් පිළිබඳ කිසිදු විධිමත් අධීක්‍ෂණයක්‌ සිදු නොවන බව ද කමිටු වාර්තාවේ සඳහන් වේ.

මෙම කාර්යයන් අධීක්‍ෂණය කිරීමේ විධිමත් යාන්ත්‍රණයක්‌ නොපමාව ක්‍රියාත්මක කළ යුතු බව ද මහ බැංකුවේ සංඛ්‍යා දත්ත රැගත් ඉහත රහසිගත ලියකියවිලි පවා මහජනතාව වෙත අනාවරණය වී ඇතැයි ද කමිටුව සඳහන් කර ඇත.

මෙම ගනුදෙනුවට අදාළ ලියවිල්ල මාධ්‍ය සහ පුද්ගලයන් අතරේ මහ බැංකු නිලධාරීන්ගේ අත්සන සහිතව හුවමාරු වන බව දැකීමෙන් මහ බැංකුවේ ඉතා ආරක්‍ෂිත වපසරියක තිබිය යුතු රහසිගත තොරතුරු පිටවීමෙන් සහ මහ බැංකුවේ පාරිශුද්ධභාවය ගැන සැකයක්‌ මතුවන බව ද අදාළ ලියවිල්ල ජනතාව අතරට පත්වීම පිළිබඳ මෙතෙක්‌ කිසිදු අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ කර නැති බව ද පවසන කමිටු වාර්තාව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු, එහි නිලධාරීන්, මහ බැංකුවේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ ඒවායේ නිලධාරීන්ගේ කටයුතු පිළිබඳව ද සොයා බැලීමට ක්‍රියා කළ යුතු බව ද සඳහන් කරයි.

නිකුත් කරන ලද සුරැකුම්පත් කිසිදු විටක අවසන් කර නොතිබූ බව ද අවුරුදු ගණනාවකට පෙර නිකුත් කළ කල් ඉකුත් වූ සුරැකුම්පත් ඒවායේ කල් පිරීමේ කාලය මත නැවත සකස්‌ කොට වසර ගණනාවකට පසුව පෞද්ගලික ඉල්ලුම් ලෙස තබා ඇතැයි ද මෙම ක්‍රියාමාර්ගය විනිවිදභාවයෙන් තොර, සැක සහිත ක්‍රියාවක්‌ සිදුකිරීමට අනුබලයක්‌ බව ද පවසන ත්‍රිපුද්ගල කමිටුව තමන් හෙළිදරව් කර ඇති කරුණුවලට පිළියම් යෙදීමට සහ එවන් දේ වැළැක්‌වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ද සිය කමිටු වාර්තාවෙන් දැනුම් දී තිබේ.

divaina

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us