මේ වසරේ විශ්වවිද්‍යාලවලට පාලි හා සංස්කෘත භාෂා විෂයන් සඳහා භික්‍ෂූන් වහන්සේලා බඳවාගැනීම ආණ්ඩුව විසින් කප්පාදුවකට ලක්කොට ඇති බවත් ඊට විරුද්ධව මේ වන විට ජයවර්ධනපුර හා කැළණිය විශ්වවිද්‍යාලවල පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහ දෙකට දින 60 ක් ඉක්ම ගොස් තිබියදීත් මේ වනතුරු පාලකයන් කිසිදු ප්‍රතිචාරයක් මේ ගැටළුවට සම්බන්ධයෙන් දක්වා නොමැති බවට ඔවුන් චෝදනාකරයි.
එමෙන්ම එම විශ්වවිද්‍යාල දෙකෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් ගෙනයන සත්‍යග්‍රහයට සහය පලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව පිරිවෙන් ශිෂ්‍ය භික්ෂු එකමුතුව පවසයි.
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන