ඔහුගෙන් එම සිද්ධියට අදාළව පැය හයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධියට අදාළ ඇසින් දුටු සාක්ෂි අනුව කැරළි ගැසූ බන්ධනාගාර රැඳවියන් ආරක්ෂක අංශ විසින් කැරැල්ලෙන් පසු අමානුෂික ලෙස මරාදමා තිබේ.
2012 වර්ෂයේ නොවැම්බර් 09 වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම් වලින් රැඳවියන් 27 දෙනෙකු මියගොස් තිබුණු අතර 40ක් පමණ තුවාල ලැබීය. පසුව එම වෙඩි තැබීම් සැලසුම් සහගතව සිදු කළ මිනීමැරුම් බවට චෝදනා එල්ල විය.