අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බල ලෝබය නිසා මෙම මරණය යොදාගනිමින් රට තුල ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා රට අස්ථාවර කිරීමට උත්සහගන්නා බව හිටපු ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධව මාධ්‍යට සිදු කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන බවයි.
මෙය මෙරට තුල සිදු වූ එකම සිදුවීම ලෙස හුවා දැක්වීමට හිටපු ජනාධිපතිවරයා උත්සහගත්තත් ඔහුගේ පාලනය කළ කාලය තුල පමණක් නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති කාන්තා හා ළමා අපයෝජන සිද්ධි ගණන 26937ක් බව අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා පවසාන පරිදි මේ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුව එකළ සිදු වූ ළමා හා කාන්තා අපයෝජන සිද්ධීන් සම්බන්ධ නඩු 15510ක් පවත්වාගෙන යයි.
හඬපටයට පහතින් සවන් දෙන්න
{soundcloud}https://soundcloud.com/lankadaily/cut1mp3{/soundcloud}