රාජපක්ෂලා බිලියන 2,700ක් හිතවතුන්ට බෙදලා-රනිල්(audio)

Published in පුවත්
Friday, 22 May 2015 12:47

පසුගිය රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ නිමක් නැති බවත් රාජපක්ෂලා හෙන්චයියන් පොහොසතුන් බවට පත් කළ අාකාරය අනාවරණය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවේදීය.

මහබැංකුවේ චංචා දූෂණ සෙවීමට කමිටුවක් පත් කළ බවත් එහිදී තවත් වංචාවක් පිළිබද කරුණු මතුවූ බවත් සදහන් කළේය. 2012,2013,2014 වර්ෂවල ලංකා අාණ්ඩුවට මුදල් එකතු කිරීමට බොන් පත් නිකුත් කිරීම සිදු කර අැත්තේ විනිවිද භාවයකින් ෙනාවන බවත් ඒවා නිකුත් කර අැත්තේ රාජපක්ෂ අාණ්ඩුවේ හිතවතුන්ට බවත් කමිටුව හරහා කරුණු අනාවරණය වී අැති බව පැවසුවේය.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අනුමැතියක් නොමැතිව මහබැංකුව පත් කළ ටෙන්ඩර් කොමිටියක් හරහා මේවා සිදු කර අැති බව කමිටුව අනාවරණය කර ගෙන අැති බව කීවේය.

ඒ අනුව බිලියන දෙදහස් හත්සියයක මුදලක් ඔවුන්ගේ යහළුවන්ට ලබා දී අැති අතර ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකින් ලබාදීය යුතු වුවත් පෞද්ගලික ඉල්ලීම් වලට අනුව හිතවතුන්ට පමණක් ලබාදී අැති පැවසුවේය. මේ නිසා ප්‍රාථමික ගැනුම්කරුවන්ට අවස්ථාව නොලැබුන බවත් මෙම කටයුත්ත මහ බැංකු ප්‍රතිපත්ති වලට අනුකූල නොවන බව වැඩබලන මහබැංකු අධිපති සමරසිංහ මහතාද සනාත කර අැති බවට කමිටුව කරුණු දක්වා අැති බව පැවසුවේය.

කමිටුව හරහා බිලියන 10 ක වංචාවක් විභාග කිරීමට යාමේදී එවැනි 270 ගුණයකට වැඩි චංචාවක් හෙළිවූ බවත් රාජපක්ෂ රෙජිමයේ විනිවිදභාවයකින් තොරව කටයුතු කර අැති බව හෙළිදරව්වූ බවත් සදහන් කළේය. රජයේ සේවකයන්ට,සාමාන්‍ය ජනතාවට සහන ලබා නොදී හිතමිතුරන්ට සලකමින් ඒ හරහා ඔවුන් ලාභ උපයා ගත් බවත් රාජපක්ෂලා හෙන්චයියන් ධනවාදීන් බවට පත්කළේ මේ ක්‍රමවේදය හරහා බවත් පැවසුවේය.

මේ පිළිබදව හිටපු අැමතිවරුන්ද වගකිව යුතු බවත් කලින් සුදූ වෑන් වලට බියෙන් සිටි මුනිවත රැකි අැමතිවරුන්ට දැන් නොබියව වංචා දූෂණ පිළිබදව කතාකරන්නට හැකි වාතාවරණයක් උදාවී අැති බවද පැවසුවේය.

සම්පූර්ණ හඩපටය පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil2015-05-22-104016{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us