මේ වසරේ මාර්තු 23 සිට අප්‍රේල් 10 දක්වා කාලය අතරතුර පලෙයි ප්‍රදේශයේ අක්කර 1013 ක ප්‍රදේශයක් නිදහස් කර ඇත. නැවත පදිංචි කිරීම්, හින්දු කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් පවසන පරිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානින් අතර හමුවකින් පසු ඉතිරි ඉඩම්ද නිදහස් කරගැනීමට බලාපොරොත්තු වේ.
එසේම මීට පෙර සම්පුර් ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලයට කර්මාන්ත ඇරඹීමට ලබාදී තිබූ අක්කර 818 ඉඩම් ප්‍රමාණයද පසුගියදා(මැයි 07) ජනාධිපතිවරයා විසින් අවලංගු කර නියෝගයක් නිකුත් කර තිබේ. මෙම තීරණය අවලංගු කිරීමේ හේතුව වන්නේ යුද්ධය හේතුවෙන් අසරණ වූ පවුල් වෙත ඉඩම් ලබාදීම සඳහා බව වාර්තා වේ.