“මහත්මා ගාන්ධි ඉන්දියාවේ පළමු සංස්ථාපිත අනුග්‍රහය ලද රාජ්‍ය නොවන සංවිධානයයි” – අරුන්ධතී රෝයි.

Monday, 25 May 2015 15:23

මහත්මා ගාන්ධි හැඳින්වීමට අටුවා ටීකා අවශ්‍ය නොමැති අතර ඔහු බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් වූ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයෙකි. ඔහු විසින් දියත් කරන ලද අවිහිංසාවාදී ව්‍යාපාරය ලොව බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වී ඇති අතර එයින් ලොව පුරා නිදහස් අරගල සහ අයිතවාසිකම් දිනා ගැනීමේ අරගල උත්තේජනය ලබා ඇත. මාර්ටින් ලුතර් කිං (කනිෂ්ඨ) ප්‍රමුඛ නායකන්ගේ මුලිකත්වයෙන් දියත් වූ අප්‍රිකානු-ඇමරිකානු කළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් දිනා අරගලය එයට කදිම නිදසුනකි. ඉන්දියානු ජනතාව මහත්මා ගාන්ධි ව සලකන්නේ “භාරතයේ පියා” ලෙසය.

අරුන්ධතී රෝයි යනු නවකතා, කෙටිකතා, සිනමාව, වැනි බහුවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතාවයන් පෙන්වා ඇති මෑත කාලයේ ඉන්දියාවෙන් බිහි වූ විවාදාපන්න චරිතයකි. ඇය විසින් රචිත “The God of Small Things” නැමති නවකතාවට 1998 වර්ෂයේදී බුකර් ත්‍යාගයද (Man Booker Price) හිමිවිය. ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකාවක්ද වන ඇය නර්මදා වේල්ල ඉදිකිරීමට එරෙහිව දියත් වූ දැවැන්ත ජන අරගලයේ ප්‍රමුඛ පුද්ගලයෙකු වූ අතර මාවෝවාදීන් විසින් ඉන්දියාව තුල ගෙන යන අරගල වලට ප්‍රසිද්ධියේම සහය දක්වන්නෙකු වේ. ඇය විසින් රචිත “Walking with the Comrades” නමැති දීර්ඝ රචනාවට පාදක වී ඇත්තේ මාවෝවාදීන් සමඟ ඇය ලද අත්දැකීම්ය. ශ්‍රී ලංකාවේ ජන වාර්ගික යුද්ධය සම්බන්ධයෙන් ද අදහස් දක්වන අරුන්ධතී රෝයි, එය විග්‍රහ කරන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව දෙමල ජනයාට එරෙහිව සිදු කරන ලද ජනසංහාරයක් ලෙසය.

10 වන ගොරක්පුර් සිනමා උළෙලේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වෙමින් ඇය විසින් ප්‍රකාශ කර සිටියේ සංස්ථාපිත අනුග්‍රහය ලද ඉන්දියාවේ පළමු Arundhati_Roy_Wරාජ්‍ය නොවන සංවිධානය මහත්මා ගාන්ධි බවත් ආන්තික කොටස් ලෙස සැලකෙන දලිත්, කාන්තාවන් සහ දුප්පත් සමාජ කණ්ඩායම් සම්බන්ධයෙන් කුරිරු ලෙස කතා කල මහත්මා ගාන්ධි ‘ජාතියේ පියා’ ලෙස වන්දනා කිරීම දැවැන්ත මිත්‍යාවක් බවත්ය. ඇය තවදුරටත් සඳහන් කර සිටියේ වර්තමානයේ ඉන්දියාව පාලනය කරන්නේ අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ රජය නොව මුකේෂ් අම්බානි වැනි දැවැන්ත සමාගම් අයිති පුද්ගලයින් විසින් බවය.

මහත්මා ගාන්ධි සම්බන්ධයෙන් අරුන්ධතී රෝයි විසින් පලකල අදහස් සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා පහත සබැඳියාවන් වලට පිවිසෙන්න.

http://www.hindustantimes.com/india-news/mahatma-gandhi-was-first-corporate-sponsored-ngo-arundhati-roy/article1-1329063.aspx

උපුටාගැනීම: kalvi

Last modified on Monday, 25 May 2015 15:35

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us