ඇත්තම ඇත්තනම් ලංකා දුපතේ පළමු වර්ග අරගලය මේ රිද්ම රටාවේ ප‍්‍රතිඵලයක් බවයි. මාගම් වංශය රුහුණට රජකම ඕනව බවත් අගනුවර මාගම තිස්සමහාරාමය විය යුතු බවත් කීවේ එළාර ලක් දුපතට ගොඩ බසින්නත් පෙර කි‍්‍ර.පූ. 338 දීය. එතකොට එළාරට පිහිටි රට උරුම වන්නේ මාගම් වංශයට රුහුණු රට උරුම වීමෙනි. එළාර පිහිටි රට අල්ලා ගත් නිසා සිංහලයන් රුහුණු රටට තල්ලූ වුනා යැයි නගන චෝදනාව පදනමක් ඇති අර්ධ සත්‍යයකි. පූර්ණ ඇත්තනම් රුහුණු වාදයක් නැගී ඒම උතුරුවාදයක් නැගී ඒමට පසුබිම සකසා ඇති බවයි. එතකොට රුහුණු රජකම ඉල්ලා සිටියේ ඇයි දැයි සොයා බැලිය යුතුය. එතකොට තිස්සමහාරාමයට අගනුවර ඉල්ලා සිටියේ මන්දැයි සිතිය යුතුය. මේ කිසිවක් නොසිතන ඉතිහාස විශ්ලේෂණය නිසා සිදු වන්නේ විටින් විට උතුරු රුහුණු ගැටුමට රට ගොදුරු වී ලේ විලක් වී යලිත් නිහඩ වී යලිත් කවදාක හෝ උනු උනුන් මරා ගන්නා එකම රිද්ම රටාවට පණ දීමය. ඉතිහාසය ගැටුම අවුලන විෂයක් බව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදින්, මක්ස්වාදින්, ලිබරල් වාදින්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් මෙන්ම සමාජවාදීන් සහ යහ පාලනවාදීන් බොහොමක් සිතති.
කරුමය මේ රටේ ජාතිකවාදීන්ද ඉතිහාසය සොයන්නේ ගැටුම අවුලුවා ගන්නටය. ගැටුම ජනප‍්‍රිය වීම සදහා ඇති කෙටිම මගය. එසේ නම් ජනපි‍්‍රය කම බලය සදහා ඇති හොදම මගය. කෙටි මගින් හොදම මගට එන්නේ කෙටිකාලීන මිනිස්සුන්ය. එත් කෙටි කාලීන මිනිස්සු ලබා ගන්නේ හොදම දේ වූ බලයය. ඒ නිසා කෙටිකාලීන මිනිස්සු බහුකාලීන ප‍්‍රශ්නයක් රට හමුවේ තනා දී නික්ම යන්නේය. බලයහි රටා රිද්මය එයම වීමෙන් බහු කාලීන ප‍්‍රශ්න ලක්වාසීන්ගේ ජීවිතයට බද්ධ වී දැන් සියවස් විසි එකක් ගෙවී ගොසිනි. එකම ප‍්‍රශ්ණයේ ශතවර්ෂ විසි එකක් හෙවත් වර්ෂ දෙදහස් එකසීයක් විසදා නොගෙන අරන් එම අතින් අපි ලැජ්ජා විය යුතුය. නවනින්දාවෙන් ගැලවෙන්න අපේ රට දරා ඇත්තේ දේශපාලන උත්සාහයකි. නැත්නම් මතවාදී උත්සාහයන්ය එත් අපිට හෝ අපේ සමාජයට ප‍්‍රශ්ණයෙන් ගැලවී ගොස් උත්තර සොයා ගැනීමට බැරි වී ඇත. ඒ මොකද?. ඒ ප‍්‍රශ්න ඓතිහාසික වූ විට උත්තරය ඓතිහාසික නොවීමය. ඓතිහාසික ප‍්‍රශ්ණයට උත්තර සෙවිය යුත්තේ ඓතිහාසිකවමය. දැන් ප‍්‍රශ්ණය උත්තරය සොයායන හැමෝම ප‍්‍රශ්න අවුලන විෂය ඉතිහාස විදියට දකින එකය. ඉතින් ප‍්‍රශ්න සමග පොර බැදී දේශපාලන නායකයන්ද දාර්ශණිකයන්ද ලේඛකයන්ද සමාජ මතවාදීන්ද ලෙස පුද්ගලයන් මතුවේ. ප‍්‍රශ්නය ඉතිරිය ලක් දුපතේ ලක් මිනිසාද රිද්ම රටාව අනුව මොහොත ගෙන දෙකට බෙදේ. කලකට සිංහලයන් සිංහලයන් ලෙසත්, දෙමලූන් දෙමලූන් ලෙසත්, නිහඩවේ. රිද්ම රටාව පෑදු විගස බෙදේ. අවි අතට ගනි. නායකයන් තනා ගනි. මරා ගනි. එකෙකු පාගා අනෙකා ජය ගනි. දෙමළෙක් හා සිංහලයෙක් එකට එකතුව විසදා ගත් කිසිම ප‍්‍රශ්නයක් තවමත් ලංකාවේ නැත. රටේ අයිතිය එකට විසදා ගන්න බැරි දෙජාතියකට කිසිම ප‍්‍රශ්ණයක් එකට විසදා ගත නොහැක. ඒ නිසා ලෝකයේ වටිනාම පරිසරයත්, ඉතිහාසයත් ජීව ජානත් භූගෝලීය පිහිටීමක් ඇති රටක් තුන්වෙනි ලෝකය තුළට වැටී අනාථව ඇත.
රාජකීය කෝට්ටේට අගනුවරත්, රාජකීය රජකම විධායක ජනාධිපති නමින් නව යුගයට ගෙනා විගස උතුරු රට වෙන් විය. මේ ලක්වැසියා, දෑසින් දුටු ජීවමාන ඇත්තය. මෙම සිදුවීම වාර්ගික ප‍්‍රශ්න ලෙස මිසක වෙන ඇසුරෙන් වටහා ගෙන නොමැත. නැත. ලක් පොළොවේ ඇත්තේ වර්ගවාදී ප‍්‍රශ්ණ නොව භූගෝලීය ප‍්‍රශ්නයකි. එනම් පරිසර පද්ධතිය, පරිසරයට අනුගතව තැනූ ජීව මිනිසාගේ තෘප්තිමත් භාවය ගැන ප‍්‍රශ්නයකි. උතුරින් ඈතට බලය යන විටම උතුරු කැළඹේ දකුණින් ඈත උතුරට ලංව බලය රැගෙන අගනුවර තැනූ විට රුහුණට රිදේ. කැළඹිල්ලත් රිදිල්ලත් ලංකාවේ දෙමළ සිංහල ගැටුමේ පාදම ඇති භූගෝලීය ඇත්තය. එත් මේ කිසිවක් කා සමග කතා කරන්නද?. හැම තැනම පෙරමුණ ගන්නේ ස්භාවික දැකීම නොව අස්වාභාවික දැකීමය. ලංකාදුපතේ දැකීම සොයා ගැනීමේ ජාන උත්සාහයට දිරියක් නැත. දිරියක් නැතත් ජීවයත්, ජානයත් දකින ජාන ඇත්තේය. මේ ජාන ජීව එක තැනකට ඇවිත් තැන හදන තැන මතු වී එනු ඇත. ඒ තැන නොසිතන තැනකි.
උපුටා ගැනීම- රජස්