බුඩපේස්ට් සම්මුතියට ශ්‍රී ලංකාවත්

Published in පුවත්
Monday, 25 May 2015 13:21

බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ (Budapest Cybercrime Convention) සාමාජිකත්වය ලබන දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

ශ්‍රී ලංකාව මේ සඳහා වන සියළු නෛතික සුදුකම් මේ වන විට සපුරා ඇතැයි එම නීති කෙටුම්පත යුරෝපා කවුන්සලය වෙත ලබා දී අවසන් බවද ඉදිරි මාස කිහිපය තුළදී එම සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂිණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂත නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


යුරෝපා කවුන්සලයේ මහලේකම්වරයා විසින් ‍මෙහි සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවට ආරාධනය කර මාස දෙක හමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුල අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කර එහි යැවීමට හැකි වීම ශ්‍රී ලංකාව පැත්තේන් බලන විට විශාල ජයග්‍රහණයක් බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.


ශ්‍රී ලංකාවට මෙම සමාජිකත්වය ලබාදීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වන්නේ යුරෝපා ආර්ථික කලාපයේ නීති සමග මෙරට 2007 අංක 24 දරණ පරිගණක නීතිය සැසදීම බව ද හෙ‍තෙම කියා සිටියි.


යුරෝපා කවුන්සලය මගින් ලෝකයේ රටවල් ගණනාවකට මෙම බුඩපේස්ට් සම්මුතියේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ඇරයුම් කර දීගු කාලයක් කාලයක් ගතවී ඇතත් එම රටවලට අදාළ සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වීම නිසා සමාජිකත්වය ලබා ගැනීමට තවමත් හැකිවී නැත.


මෙවැනි පසුබිමක ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂිණ ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත පිම්මක් ලෙසින් සැලකිය හැකි බව ද ඔහු පෙන්වාදෙයි.


විදේශ කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන වල පුර්ණ සහාය මේ සඳහා ලැබී තිබෙන බව ද නියෝජිතායතනය පවසයි.

සයිබර් අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය වන අතර ඇමෙරිකාව ජපානය ඕස්ට්‍රේලියාව ආදි රටවල්ද මෙහි සාමාජිකත්වය දරයි.

අද දෙරණ

 

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us