යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය බියවැද්දීම් හා තර්ජනය කිරීම්ද?

Published in පුවත්
Monday, 25 May 2015 14:20

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැදවුම්කරු නජිත් ඉන්දිකගේ සොහොයුරා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ඇත. විමර්ශනයක් සදහා බව පවසමින් ඊයේ (24) දින ඔහුව එසේ කැදවා තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පසුගිය කාලය පුරාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙන මුවාවෙන් මෙම ඊනියා යහපාලන ආණ්ඩුව මර්දනය මුදා හැරීමට කටයුතු කරමින් සිටින බවයි.

අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට එරෙහිව අරගල කරන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු නායකයින් දෙදෙනෙකු ,අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු ස්වාමීන් වහ්සේලා සිව්දෙනෙකු සිරගතකර ඇති අතර තවත් විශාල පිරිසක් පිටුපස රාජ්‍ය ආරක්ෂක අංශ ලුහුබදිමින් සිටින බව පවසයි.

තර්ජනය කිරීම් දෛනික සිදුවීම් බවට පත්ව ඇති බවත් නඩු පිට නඩු පටවමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කොළඹ අපරාධ කොට්ඨාෂයට ගෙන්වා නීති විරෝධී ලෙස තර්ජනය කිරීම මෙහි තවත් පියවරකි බවත් එහි දැක්වේ.

පසුගිය සති දෙකක කාලය තුළ ශිෂ්‍ය නායකයින් 12 ක් අපරාධ කොට්ඨාශයට කැදවා ඇති බවත් රටේ සුවහසක් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන්වැදීම අපරාධයක් වන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කරන බවත් අදාල නොවන ආයතනයක් ඉදිරියට යාමට සූද‍ානම් නැති බවත් සදහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙක් මෙම බියවැද්දීම් හා තර්ජනය කිරීම් වලට එකග නැති බවත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය,මානව ගරුත්වය හා නිදහස දිනාගැනීම වෙනුවෙන් ඒකරාශී වන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us