බැඳුම්කර නිකුතුව සමඟ දැවැන්ත මුල්‍ය වංචාවක්

Published in පුවත්
Tuesday, 26 May 2015 08:47

බැඳුම්කර නිකුතුවත් සමඟ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු මිණැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයාට ඊයේ (25) ඒපිළිබඳ ලිපි ගොනුවක් භාර දුන්හ. කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලයට ගිය හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන හිටපු ඇමැතිවරු පිරිසක් මේ පැමිණිලි ඉදිරිපත් කළහ .

එම දැනුවත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා රජය සිදු කළ බැඳුම්කර නිකුතුව සමඟ විශාාල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වුණා. ඉන් රටට විශාල පාඩුවක් සිදු වුණා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ගැන කරුණු ඉදිරිපත් කළා. මේ ක්‍රියාදාමය නිසා අප රටේ ජනතාව මත විශාල ණය බරක් පැටවෙනවා.

අපි මේ ගැන ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කරනවා. මේ පැමිණිලි අඩංගු තොරතුරු වොෂින්ටන් වෙත යැවීමට කටයුතු කරන බව අපිට දැන්නුවා හිටපු අධ්‍යාපන ඇමැති පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි ලෝකයේ රටවල ගෙවුම් ශේෂය කටයුතු හරියාකාරව පවත්වාගෙන යෑමට උදව් කරන්නේ. අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක්. ඒ නිසායි අපි ඔවුන්ට මේ මහා පරිමාණ වංචාව ගැන තොරතුරු ඉදිරිපත් කළේ.

මේ ගනුදෙනුවත් සමඟ රටට සිදුවූ මුදල්මය පාඩුව විශාලයි. ඒ වාගේම රටේ ජනතාවට වත්මන් ආණ්ඩුවේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව තිිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒක බරපතළ කටයුත්තක්. රටේ ජනතාවගේ විශ්වාසය ඈත් වූ මුදල් ප්‍රතිපත්තියකට අනුව රටක් ඉදිරියට යන්න බැහැ. අපි ඒ ගැන මෙහිදී කරුණු අවධානය කළා. ඒවාගේ තත්ත්වයක් ඇති කළේ වත්මන් මහ බැංකු අධිපතිවරයායි. මුදල්ඇමැතිවරයායි. අගමැතිවරයායි.

අපි ඔවුන්ට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරනවා. කරලාත් තියෙනවා‍

හිටපු තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා: අපි මේ දැන් ඉන්නේ පිටකොටුව ප්‍රදේශයේ. ඔබ කවුරුත් දන්නවා පිටකොටුවේ තිබෙනවා පිට්පොකට් තියරියක්. ඒ කියන්නේ පදික වේදිකාවේ ගමන් කරන, වෙළෙඳ භාණ්ඩයක් මිල දී ගන්න ආ කෙනෙකුගේ පොකට් එක හොරකම් කරලා මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා කෑ ගහනවා. මේ හොරා අල්ලන්න වාගේ වුණාට, ඇත්තටම මෙතන හොරකම් කළ කෙනාත් මෙන්න හොරෙක් හොරෙක් කියා සෙනඟ ගොඩේම ඉඳලා කෑ ගහනවා. ඒවාගේ තමයි අගමැතිතුමාත් මූල්‍ය වංචාවේ හොරු අල්ලන්න කටයුතු කරන්නේ. ඒකට කියන්නේ පිට්පොකට් තියරිය කියලා. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වයි. ජී. පද්මසිරි , උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද පැමිණ සිටියහ.

 

dinamina

Last modified on Tuesday, 26 May 2015 08:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us