තහනම් නියෝගයක් තිබියදී එය නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය මස 23දා විරෝධතා ව්‍යපාරයක නිරත වීමෙන් අධිකරණයට අපහාසයක් වු බව පවසමින් පොලිසිය විසින් 28 දෙනෙකුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
නමුත් ගලබොඩඅත්තේ ඥානසාර අධිකරණ නියෝගය කඩකර උසාවියට නොපැමිණ සිටි නිසා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබිණි.
විදේශගතව සිටි ගලබොඩඅත්තේ ඥානසාර අද කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේ පොලීසිය විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේය.