ව්‍යවස්ථාදායක සභාවට සමාජිකයින් නම් කෙරේ

Published in පුවත්
Tuesday, 26 May 2015 10:14

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සමාජිකයින් නම් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නම් කර ඇති අතර අග්‍රමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නම් කර ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයාගේ නියෝජිතවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙව්රත්න මහතා නම් කර ඇති බව ඔහු සනාථ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු ප්ක්ෂ නියෝජිතයා වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා නම් කර ඇති බව ඔහුගෙන් කළ විමසීමකදී සදහන් කළේය.

දේශපාලකයන් නොවන සිවිල් පුද්ගලයන් තිදෙනෙකු ව්‍යවස්ථාදායක සභාවට නම් කළ යුතු අතර එම නම් කිරිමද මේ වන විට අවසන්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ නිල සාමාජිකයින් වේ.

ව්‍යවස්ථාදායක සභාව සාමාජකියන් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර රජයේ ඉහළ තනතුරු සඳහා නිලධාරින් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව මගින් ක්‍රියාත්මක වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us