ළමා කොටියා ,ලංකාදිපය සහ කෑන්ස් සම්මාන උළෙල

Published in පුවත්
Tuesday, 26 May 2015 10:34

මෙවර ප්‍රංශ කැන්ස් සම්මාන උළෙලදි ශ්‍රිලංකාවේ එල්.ටි..ටි.ඊ ළමා සොල්දාදුවෙකුව සිටි අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකරගෙන ඇත.

ඒ ගැන අපුරු සටහනක් තබා ඇති ලංකාදිප වෙබ් අඩවිය එහි ශිර්ෂ පාඨය ලෙසින් යොදාගන්නේ 

ළමා කොටියාට ප්‍රංශ සම්මානයක් යන්නයි.ජේසුදාසන් ශ්‍රිලාංකිකයෙකි.
එහෙත් ලංකාදිප කර්තෘ මණ්ඩලයට ඔහු ළමා කොටියෙකි.
ළමා කොටි යැයි ජාතියක් ඇතිද ?
ශ්‍රිලංකාවව තුල ශ්‍රි ලංකික ජාතියක් යන සංකල්පය ගොඩනැගිමට ඇති සැබෑ අභියෝගය තේරුම් ගන්නට මෙය කොතරම් කදිම නිදසුනක්ද ?
අපි සංහිදියාවට කොතරම් දුරද ?


පහත පළවන්නේ ලංකාදිප වෙබ් අඩවිය පළකර ඇති අගනා ලිපියයි.

හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත්තේය. දීපන් නම් ප්‍රංශ ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහු මේ රන් සම්මානය දිනාගත්තේය. ප්‍රංශයේ ජනාදරයට පාත්‍රවූ චිත්‍රපට අධ්‍යක්ෂ ජකාස් අඩියාඩ් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. අන්තෝනිදාස් ජේසුදාසන් යුද සමයේ ශ්‍රී ලංකාවේ ළමා සෙබලකුගේ චරිතය රඟපෑවේය. ඔහු ද තරුණියක ද නව හැවිරිදි දැරියක ද එක් පවුලක සාමාජිකයන් බව පෙන්වමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ප්‍රංශයට ආහ. පැරිසිය අසළ පහසුකම් අඩු නිවාස පෙළක පදිංචියට ගිය දීපන් තමා සමග සිටි දෙදෙනා මත්කුඩු කල්ලිවල නිරන්තර ගැටුම් වලින් ද ප්‍රදේශාධිපත්‍යයෙන් ද බේරා ගැනීමට ඔහු සටන් බිම අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඇත.


මෙය එම සම්මාන උළෙලේ ඉහළම සම්මානයයි.


අන්තෝනිදාසන් වයස 16 සිට කොටි සටන්කරුවෙක් විය. ශ්‍රී ලංකාවේ භියකරු තුන් වසරකට පසුව ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1993 දී ප්‍රංශයට යාමට පෙර ඔහු තායිලන්තයට පැමිණියේය. ප්‍රංශයේ දී ඔහුට දේශපාලන රැකවරණ ලැබිණි. කෑන් චිත්‍රපට උළෙලේ ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් මධ්‍යයේ ඔහු වාර්තා කරුවන්ට පැවසුවේ දීපන් චරිතයේ සියයට 50ක් තම කතාව බවයි.


‘‘ මම ප්‍රංශයට ආවේ හොර ගමන් බලපත්‍රයකින්. එහෙම එකක් විතරයි මට හොයා ගන්න පුළුවන් වුණේ. එංගලන්තයට කැනඩාවට පනින්න හොර ගමන් බලපත්‍රයක් හොයාගන්න බැරිවුණා.‘‘ යැයි අන්තෝනිදාස් කීවේය.


ප්‍රංශ බස ඉගෙනීම හරි අමාරු වූ බව ද ඔහු කීවේය. නිෂ්පාදක අඩියාඩ් සමග කෑන් වේදිකාවට ගොඩවුණු ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට යළි යෑම භයානක බවයි. ‘‘2009 යුද්ධය නිල වශයෙන් අවසන් වුණා. අදත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පහර දෙනවා. රජයෙන් යුද සිර කරුවන් කී දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි අපි අදත් දන්නේ නැහැ. අපට සැබැ තොරතුරු නැහැ. ප්‍රංශයේ දී මුදල් සෙවිය හැකි ඕනෑම වැඩක් කරමින් ඔහු කෙටි කතා නාට්‍ය නවකතා ආදිය ලියූ බව කියයි. ඒ කතාවලට ඔහුගේ අත්දැකීම් පාදක වී ඇත.


අදියාද්ගේ චිත්‍රපටයේ රඟපෑමට පෙර අන්තෝනිදාසන් ප්‍රංශයේ දෙමළ කොටින්ගේ විදි නාට්‍යයවල ප්‍රචාරක නළුවෙක් විය.

‘‘රඟපෑම අමාරුයි. ඒත් ජොලි වැඩක් “ යැයි ඔහු කියයි.


ශ්‍රී ලංකාව ගැන ඔහුගේ මිළඟ පොත ලබන ජූලි මාසයේ දී නිකුත් වීමට නියමිතය.

cans 1

cans 2

cans 3

cans 4

cans 5


meepura

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us