බුලට් එකෙන් ආවත් මහින්දට ඉඩ දෙන්නේ නෑ - මෛත්‍රී

Published in පුවත්
Thursday, 28 May 2015 20:35

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා නොදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පවසා තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස එම තීරණය ගෙන ඇති බවයි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීමේදී සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කිරීමෙන් සන්ධානයට වඩා යහපත් ඉදිරි ගමනක් ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත. මහින්ද රාජපක්ෂ මහතා ගැන සියල්ලන්ටම වඩා තමන් දන්නා බවත්, ඔහුට දැන් අවශ්‍ය වී ඇත්තේ බැලට් එකෙන් කළ නොහැකි වූ දේ බුලට් එකෙන් කරන්න යැයිද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us