එජාපයට, මනාප පොරය වෙනුවට පක්ෂය දිනවීමේ වැඩ පිළිවෙලක් ඕනේ

Published in පුවත්
Friday, 29 May 2015 09:35
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අගමැති සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක් යැවීමට සූදානම් වේ.
 ඇතැම් එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් මැතිවරණය ඉලක්ක කරගෙන තනි-තනිව ප‍්‍රචාරක කටයුතු කරන බවත්, ඒ හරහා තමන්ට බරපතළ අසාධාරණයක් සිදු වන බවත් අදාළ ලිපියෙන් පෙන්වා දීමට සූදානම් වන මෙම මන්ත‍්‍රීවරුන්, ආසන මට්ටමින් එක් මැතිවරණ යාන්ත‍්‍රණයක් සකස් කිරීමට මැදිහත් වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වේ.
 
ඇතැම් ඇමැතිවරුන් ප‍්‍රදේශයේ පවත්වන රැස්වීම්වලට පවා තමන්ට සහභාගිවීමට ඉඩ නොදෙන බවත්, මේ හරහා තමන්ට ජනතාව සමග සම්බන්ධ වීමට ඇති ඉඩකඩ ඇහිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් අගමැතිවරයාට පෙන්වා දීමට සූදානම් වන එම මන්ත‍්‍රීවරුන්, වැඩිදුරටත් අවධාරණය කිරීමට සූදානම් වන්නේ මෙමගින් සමස්ත පක්ෂයේ ජයග‍්‍රහණයට බාධා එල්ල වන බවයි.
 
මෙම ලිපිය සකස් කිරීමේ කාර්යයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පැවසුවේ එජාප ඇමැතිවරයකුද මෙම උත්සාහයට සහාය පළ කරමින් සිටින බවයි.
 
එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් රට තුළ පුළුල් කතාබහක් ඇති වී තිබුණද, ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ඊට අදාළ නාම යෝජනා මණ්ඩල හෝ පත් කර නැති බව හෙළිදරව් වේ.
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් මෙම මහ මැතිවරණය සදහා නාම යෝජනා කමිටු පත් කර ඇති අතර, ඊට ඉදිරිපත්වීමට සූදානමින් සිටින අපේක්ෂකයන්ගෙන් ඉල්ලූම් පත‍්‍ර කැඳවීමද ආරම්භ කර තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් හෝ දැනුවත් කර නැති බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us