ක්ෂණික නූඩ්ල්ස් කන්නෙ බලාගෙනයි, අහිතකර රසායනිකයක් පිළිබඳ පරීක්ෂණ

Published in පුවත්
Monday, 25 May 2015 10:38

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය තීරණය කොට තිබේ.

එම නූඩ්ල්ස්වල අනුමත ප්‍රමාණයට වඩා ඊයම් 07 ගුණයකින් වැඩි බව බව ඉන්දියා රජය සොයාගැනීමෙන් පසු මෙරට තුලද පරීක්ෂණ ඇරඹූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

අනුමත ඊයම් ප්‍රමාණය මිලියනයකට කොටස් 0.11 සිට 2.5 දක්වා වන බවත් එම්.එස්.ජී ලෙසද හැඳින්වෙන මෙම රසකාරකයෙන් ඉරුවාරදය, ඔක්කාරය, ඇඟේ පළු මතුවීම පමණක් නොව හදවතටද හානි කළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක, පරිපාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.තිලකරත්න මහතා පෙන්වා දෙයි.

වෙළඳපොළෙන් ගත් විවිධ සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට හා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර එම වාර්තා ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව එම අධිකාරියේ සභාපති රුමී මර්ෂුක් මහතා පැවසී ය.

කෙසේ වෙතත් මැගී නූඩ්ල්ස් නිපදවන නෙස්ලේ ලංකා සමාගම සඳහන් කරන්නේ තම නිෂ්පාදනයන්හි තත්ත්වය හා ආරක්ෂාවට හැමවිටම ප්‍රමුඛස්ථානය දෙන බව සහ ශ්‍රී ලංකාවේ ආහාර නීති හා රෙගුලාසි පිළිපදින බවත්ය.

ඉන්දියාවේ සිදුකළ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ පරීක්ෂා කළ සියලු සාම්පල බාල මට්ටමේ තිබූ බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us