පසුගිය ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුතු භාණ්ඩ ලබාගෙන ඒ සඳහා මුදල් ගෙවීම පැහැර හැරිමේ චෝදනා මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
අද (25) පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 08 වනදා තෙක් කොළඹ රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.