ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා, අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු නියෝජිතයින් 10 දෙනෙකු ඇතුළත් ය. ඉන් 07 දෙනෙකු පාර්ලිමේන්තු නියෝජිතයන් වන අතර ඉතිරි තිදෙනා ස්වාධීන සිවිල් පුරවැසියන්ගෙන් සමන්විතය.
මේ අතර ව්‍යවස්ථාදායක සභාව පත්කර ස්වාධීන කොමිෂන් සභා 11 ස්ථාපිත කරනතුරු පාරිලිමේන්තුව විසුරුවා නොහැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. නමුත් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට මේ වනවිටත් නොහැකිව තිබේ.
එමෙන්ම ඇමති විජේදාස රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ද මෙම සභාවට නම්කර ඇතැයිද දැනගැනීමට තිබේ.