රට දිනවීම මෙන්ම පක්ෂය දිනවීමේ වගකීමද මා සතුයි-ජනපති

Published in පුවත්
Sunday, 24 May 2015 09:08

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමා තරම් කැපකිරීම් කළ අයෙකු තවත් නොමැති බවත් වෙනත් එවැනි අයෙක් සිටී නම් තමන්ට පවසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (23) පැවති නිදහස් පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පක්ෂය බවත් එය බෙදා වෙන් කිරීමට කිසිවිටෙකත් තමන් කටයුතු නොකළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමුව සන්ධානගත කරවූයේ තමන් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද පැවසූ‍වේය.

රට දිනවීම මෙන්ම පක්ෂය දිනවීමේ වගකීමද මේ වන විට තමා වෙත පැවරී ඇති බවත් පක්ෂය වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහමැතිවරණයට අපේක්ෂකයින් තෝරා පත් කර ගැනීම සඳහා නිදහස් පක්ෂයේ නාමයෝජනා මණ්ඩල පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බවත් පළාත් පාලන මැතිවරණයද කඩිනමින් පවත්වන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us