එජාපයේ 7ක් විපක්ෂයට එනවා - ටී. බී. ඒකනායක

Published in පුවත්
Monday, 25 May 2015 08:54

ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.

මෙම මැති ඇමැතිවරුන් විපක්‍ෂයට එක්‌කර ගැනීම සඳහා මේ වන විට මූලික සාකච්ඡා වට දෙකක්‌ පවත්වා ඇතැයි හිටපු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවැසීය. එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිසා දැඩි කලකිරීමට පත්ව සිටින මෙම පිරිස තවදුරටත් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියහොත් පක්‍ෂයට හා රටට විශාල ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බව පවසන බව ඒකනායක මහතා පැවැසීය.

වත්මන් ආණ්‌ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර ලබන කිහිපදෙනකුද මේ පිරිස අතර සිටින බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බැවින් අවසන් මොහොත දක්‌වාම නම් හෙළි කිරීමෙන් වැළකී සිටින බවද කීය.

විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම සාකච්ඡාවට එක්‌ව සිටින නිසා සාකච්ඡා සාර්ථක වුවහොත් මහ මැතිවරණයට පෙර ඔවුන් විපක්‍ෂයට එක්‌වනු ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

- දිවයින

Last modified on Monday, 25 May 2015 09:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us