රාජපක්ෂ මහතා තමාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බවත් තමන් මහින්ද මහතාව අධිකරණයේදී හමු වන්නට සූදානමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

එළඹෙන මහ මැතිවරණයෙන් පසු දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව අතර දැඩි මත ගැටුමක් උද්ගතව තිබේ.

ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

පාකිස්තානය හමුවේ ලකුණු 29ක පරාජයක් උරුමකරදුන් විස්සයි20 පළමු තරගයේ දී සිය දුර්වල පන්දු යැවීම පිළිබඳ තමාටම දොස් පවරාගන්නා බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.

“මම ඇත්තටම හිතනවා මං ආකර්ෂණීය ජනාධිපතිවරයෙක් කියලා. මං හිතන්නේ මං ආයෙමත් ඉල්ලුවොත් මට දිනන්න පුළුවන්. ඒත්; මට එය කළ නොහැකියි... අමෙරිකාව වෙනස් කිරීමට හුඟක් දේවල් කරන්න මම කැමැතිවෙයි. ඒත් නීතිය නීතියයි. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. ජනාධිපතිවරයා පවා ඊට ඉහළින් නැහැ.”

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් වඩාත් අවධානයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු බවත් පරම්පරාගත දේශපාලනය අවසන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග්‍රාහක ක්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග්‍රහ ලබන මිනිසුන් වශයෙනි. අසවල් දේශපාලඥයාට ඔවුන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ, සමහර විට රැකියාවක් අපේක්ෂාවෙන් විය හැකිය. නැත්නම්, දරුවාව හොඳ පාසලකට දමා ගැනීම සඳහා විය හැකිය. එසේත් නැතහොත්, රජයේ යම් කොන්ත්‍රාත්තුවක් අපේක්ෂාවෙන් විය හැකිය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවූ බරපතළම සිද්ධිය ලෙස කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාව හැදින්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට පොලිසිය වගබලා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.

ව්‍යාජ උපන්දින සහිත උප්පැන්න සහතික සකස් කර රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් වංචාවක් කිරීමත්, වරදක් බව දැන දැන ම එම ලෙඛන පාවිච්චි කිරීමත් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හා ඔහුගේ බිරිඳවන ශෂී වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අවසන් කර එම ලිපි ගොනුව නීතිපතිවරයා එත භර දී තිබේ.

Connet With Us