මේ අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්රහයෙහි 454, 455,456,462 වගන්න්ති ප්රකාරව එම දෙපලට එරෙහිව නඩු පැවැරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
මේ සඳහා වරදකරු ලෙස ඔප්පු වුව හොත් වසර දහයකට වැඩි කාලයක් සිරගත වීමට සිදුවනු ඇත.
මෙම වරද සඳහා අත් අඩංගුවට ගැනීමකදී ඇප ලබා දිම සිදු නොහැකි බවට අපරාධ නඩු විධිවිධාන සග්රහයේ සඳහන්ව පැවැතියත් අත් අඩංගුවට ගැනුන සෂී වීරවංශ මහත්මියට ඇප ලබාදීම විමතියට කරුණක්ද විය.
කෙසේ නමුත් මේ විට නීතිපති දෙපාර්තමේන්තුවතුල පරීක්ෂණ කටයුතු නිල කර නඩු පැවැරීම සඳහා යොමුකළ ලිපි ගොනු රැසක් පවතින බවද හෙළිවේ.
සත්හඬ ඉරිදා පුවත්පත ඇසුරෙණි