රාජපක්ෂගේ ත්‍රස්තවාදී හෙවණැල්ල දැක්කා-රවී

Published in පුවත්
Saturday, 01 August 2015 09:11

රාජපක්ෂගේ ත්‍රස්තවාදී හෙවණැල්ල යළිත් දකින්නට ලැබුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා රට සාමකාමීව ඉදිරියට යද්දී එදා පැවැති සුදු වෑන්වල සෙවණැලි ඉදිරියට ගෙනවිත් ත්‍රස්තවාදය වපුරන්න හදන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

රවි කරුණානායක මහතාගේ ගෙන් ගෙට යාමේ ප්‍රචාරක රැලියේදී වෙඩි ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ පිරිස බැලීමට ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා එම අදහස් පළ කළේය.

මෙම ත්‍රස්තවාදීන් නීතිය ඉදිරියට ගේන්න පොරොන්දු වෙන බවත් තමා මරා දැම්මත්, ජනතාව මරා දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව පැවසූ ඇමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු සියලු දෙනාට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් සැකකරුවන් නීතිය ඉදිරියට රැගෙන එන බවත්, ඊට රටේ මහජනතාවගේ සහ මාධ්‍යයේ සහාය බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා මෙසේද පැවැසීය.

අද විපක්ෂයේ සැබෑ ස්වරූපය හෙළිවුණා. ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවලින් අපිව යටපත් කරන්න හදනවා. අද විපක්ෂය වල්මත් වෙලා. අපි සාමාන්‍ය පරිදි ඡන්ද නීති රකිමින් විනයානුකූලව ගෙයින් ගෙට යන අවස්ථාවේදී විපක්ෂය කළ මේ ක්‍රියාවෙන් පේනවා ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා මොනවගේද කියලා.

මම ජනතාවට කියන්නේ මේ ත්‍රස්තවාදයට බයවෙන්න එපා. මේ වගේ තුප්පහි දේශපාලනය කරන්න ඉඩ තියන්න එපා. මේ අහිංසක ජනතාව පීඩනයට පත් කරන ත්‍රස්තවාදීන් මා නීතිය ඉදිරියට ගේන්න පොරොන්දු වෙනවා.

මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දේ ඇසින් දුටුවානම් සාක්කි දෙන්න ඉදිරියට එන්න.

අපිව ඉලක්ක කළාට කමක් නෑ. නමුත් රට ඉලක්ක කරන්න ඉඩ තියන්නේ නෑ. යනුවෙන් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us