පෝය දවසේ පිරිත් පොත ඡන්දයට

Published in පුවත්
Friday, 31 July 2015 16:49

අද ඇසළ පුන් පොහොය දිනයේ දී නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් වූ පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔවුන් පැමිණි මෝටර් රථ දෙකක්, පෝස්ටර් තොගයක් හා පිරිත් පොත් තොගයක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.

බලය උදෙසා බෞද්ධාගම බුද්ධ චීවරයේ පටන් ම විකිණීම පසුගිය කාලය පුරාම සුලභ දසුනක් වූ අතර සිදුහත් කුමරුන් සසර කළකිරී රජසැප හැර පියා ගිහි ගෙයින් නික්මුණු දිනය ලෙස සැළකෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දා අපේ බලලෝභී සැදැහැවත් දේශපාලකයින් සිය බලය වෙනුවෙන් බුදුන්ගේ ධර්මය ඇතුළත් පිරිත් පොත් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගෙන ඇත.

සිංහල බෞද්ධයා අනතුරේ බව පවසමින් රට පුරා නාඩගම් නටනා උදවිය මුලින් ම එරෙහි විය යුත්තේ මේවාට ය. කෙසේ වෙතත් ගුරුන් හිටගෙන කරන දේ ගෝලයින් දුව දුවා කිරීම සාමාන්‍ය සිරිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us