රතුපස්වලට ඉක්මණින් සාධාරණය ඉටු කරනු-තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Published in පුවත්
Saturday, 01 August 2015 12:11

ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එම සිද්ධියට අදට (01) වසර දෙකක් සම්පූර්ණ වෙයි. උද්ඝෝෂකයන්ට පහර දීමෙන් හා වෙඩි තැබීමෙන් යුද හමුදාව බලය අයුතු ලෙස භාවිත කර ඇතැයි අනාවරණය වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා තිබිණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ සිද්ධියෙන් තුවාල ලැබූ කිසිවකුට මෙතක් වන්දි ලබා දී නැති බවයි. සිද්ධියේදී පීඩනයට පත් වූ මාධ්‍යවේදීන්ට ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නැති බව ද එම සංගමය සදහන් කරයි.

රතුපස්වලට යුද හමුදාව ගෙන්වූ හා වෙඩි තැබීමට අණ කළ පිරිසට එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, අගතියට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස ද රජයෙන් ඉල්ලන තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හැකි ඉක්මනින් එවැන්නක් සිදු නොවුනහොත් එම ජනතාව සමග දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පවසයි.

නැවත මෙවන් ක්‍රියාවන් ඇති නොවීම සඳහා ආදර්ශයක් ලෙස වගකිව යුත්තන්ට උපරිම දඬුවම් පැමිණවිය යුතුය. නමුත් එය 'පහත් තැනින් ජලය ගලා යාමක්' පමණක් ම නොවිය යුතුය. බොහෝ වංචා දූෂන සිද්ධීන් වලදී දඩුවම් ලැබීම් හා බන්ධතාගාර ගත වීම් වලට ලක්වූයේ හාල්මැස්සන් පමණි.තෝරුන් හා මෝරුන් නිදැල්ලේම පසුවිය. අද ගනී අද ගනී යැයි බලන් සිටියද තවමත් ඔවුන් නිදැල්ලේමය.වතුර ඉල්ලද්දී උණ්ඩ වලට බිලිවීමට සිදු වීම මහපොළව නුහුලන අපරාධයකි. මේ නිසා මේ සිදුවීමට වගකිය යුතු තෝරුන් මෝරුන් දඬුවම් ලැබිය යුතුමය.

සබැදි පුවත්

රතුපස්වල හමුදා මිනීමැරුම් ගැන වාර්තාව එළියට

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us